Saturday, May 04, 2024
Follow Us
දියබෙදුම පොලිසියෙන් අලුත් වැඩක්

පොලොන්නරුව දියබෙදුම පොලිස් බල ප්‍රදේශය කසිප්පු සහ මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කරන්නන් සහ බෙදා හැරීම්වල කාලයක් තිස්සේ වැරදි කරුවන් ලෙස හඳුනාගත් පිරිසක් එයින් මුදවා ගැනීමට  සහකාර පොලිස් අධිකාරි සුදත් අස්මඬල මහතාගේ ප්‍රධානත්වයෙන් අත්තනකඩවල බුද්ධගයා විහාරස්ථානයේදී ඊයේ (11) පැවැත්විණි.

දියබෙදුම පොලිස් ස්ථානයේ ප්‍රජා පොලිස් ඒකකය මඟින් සංවිධානය කර තිබූ මෙම දැනුවත් කිරීමේ වැඩසටහනට දියබෙදුම පොලිස් බල ප්‍රදේශයේ ග්‍රාම නිළධාරී වසම් නවයක කසිප්පු සහ මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම සහ බෙදාහැරීම සිදු කරන බවට හදුනාගත් පුද්ගලයෝ 20 කට ආසන්න ප්‍රමාණයක් සහභාගී වී සිටියහ.

මෙහිදී මෙම වැඩසටහනට සම්බන්ධ වූ ො සහකාර පොලිස් අධිකාරී සුදත් අස්මඬල මහතා මෙසේ කීය.

" අපි මේ වෙද්දි පියවර දෙකක් ඔස්සේ අපරාධ වැළැක්වීමට කටයුතු කරනවා, පළවෙනි එක තමා වැටලීම් කරලා දඬුවම් දීලා අපරාධ වළක්වනවා, දෙවෙනි එක තමා ඒ වැරදිවලට පෙළඹෙන අයට උපදෙසක් උපදේශනයක් දීලා වළක්වන්න බලනවා, මේ දෙකටම අවනත නැත්නම් අපි දිනපතා වැටලීම් කරනවා ගැලවීමක් නම් නෑ...ආර්ථික ප්‍රශ්න සමාජීය ප්‍රශ්න තියෙනවා නම් කියන්න අපිට අපි උදව් කරන්නම් රැකියාවක් කරන්න, දානපතියෙක්ගෙන් හරි උදව් අරන් දෙන්නම්...මේ වැඩ නතර කරන්න " යනුවෙනි.

මේ අවස්ථාවට අත්තනකඩවල බුද්ධගයා විහාරස්ථානයේ විහාරාධිපති කලත්තෑවේ පඤ්ඤානන්ද හිමි, ප්‍රදේශයේ අධ්‍යාපන නිළධාරීන්, දියබෙදුම පොලිස් ස්ථානයේ ස්ථානාධිපති කේ.එම්.සී.මදුසංක මහතා සහ ප්‍රජා පොලිස් ඒකකයේ සෙනරත් බංඩාර මහතා ඇතුලු ව සෙසු පොලිස් නිළධාරීහු පිරිසක් එක් වූහ. 

Lankadeepa