Friday, May 03, 2024
Follow Us
මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයේ ප්‍රමාදයක්

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය අද (30) සහ හෙට (31)  යම් ප්‍රමාදයක් සිදුවිය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

 එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ වැල්ලවත්ත සහ කොටුව අතර දුම්රිය ධාවනය එක් මන්තීරුවකට සීමා කිරීම මීට හේතුවී ඇති බවයි.

නාගරික සංවර්ධන අධිකාරිය විසින් වැල්ලවත්ත සහ බම්බලපිටිය දුම්රිය ස්ථාන අතර ඇති නල මාර්ගයක සිදුකරන නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම තත්ත්වය මතුව තිබේ.

 අද දිනයේ මේ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමන්වාර 25ක් අවලංගු වනු ඇති බවත් එළඹෙන ඉරිදා රාත්‍රියෙන් පසු දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත්වනු ඇති බවත් දුම්රිය දෙපාර්තමේන්තුව  වැඩිදුරටත් සඳහන් කරයි.