Thursday, January 16, 2025
Follow Us
මෙතෙක් අස්වැසුම ප්‍රතිලාභ නොලැබුණු සියලු දෙනාට සුබ පණිවිඩයක් 

කෑගල්ල , නුවරඑළිය , බදුල්ල සහ පොලොන්නරුව යන දිස්ත්‍රික්ක 04 හි අස්වැසුම ප්‍රතිලාභ යටතේ රු . 2500 දීමනාව ලැබීමට හිමිකම් ලැබූවන්ට ගැටලු කිහිපයක් නිසා මෙතෙක් අස්වැසුම ප්‍රතිලාභ නොලැබුණ ද , එම ප්‍රතිලාභීන් සියලු දෙනාට සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර එම ප්‍රතිලාභ ලබාදෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

 

එහි දී අමාත්‍යවරයා පෙන්වා දුන්නේ මෙම දිස්ත්‍රික්කවල අස්වැසුම ප්‍රතිලාභීන් තෝරා ගැනීමේදී අඩු ලකුණු ප්‍රමාණයක්  හිමි විශාල පිරිසක් ද ලේඛනවලට ඇතුළත් වීම නිසා එම දිස්ත්‍රික්කවලට හිමි කෝටාව ඉහළ මට්ටමක පැවතීම හේතුවෙන්  මෙම ගැටලුව උද්ගතව තිබූ බවයි.

කෙසේ වෙතත් අප්‍රේල් මස මුල් සතිය තුළ මෙම ගැටලු සියල්ල නිවැරදි කර රු. 2500 දීමනාවට හිමිකම් කියන , එහෙත් අස්වැසුම ප්‍රතිලාභ ගෙවීම ආරම්භ කළ 2023 ජූලි මස සිට මේ දක්වා එම ප්‍රතිලාභ නොලැබූ සියලු දෙනාට ද හිමි හිඟ මුදල් සමඟ එම ප්‍රතිලාභ ලබාදීමට අස්වැසුම ප්‍රතිලාභ මණ්ඩලය පසුගිය සතියේ තමා සමඟ පැවති සාකච්ඡාවේදී එකඟතාවය පළ කළ බව අමාත්‍යවරයා මෙහිදී සඳහන්  කළේය