රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින අවලෝකේතීෂ්වර බෝධිසත්වයන් ලෙස පෙනී සිටි මහින්ද කොඩිතුවක්කු නමැත්තාට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඇප නියම කර තිබේ.
යාපනයේ සිදුවූ අපරාධ රැසකට සම්බන්ධ 'ආවා' කල්ලියේ නායකයා ලෙස සැකකෙරෙන පුද්ගලයා වලාන දූෂණ මර්දන ප්‍රහාරක බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙරට සිනමාව අන්තර්ජාතික ප්‍රමිතියෙන් යුතු කර්මාන්තයක් බවට ඔසවා තැබිය හැකි ප්‍රමාණාත්මක ගුණාත්මක සහ ව්‍යුහාත්මක වෙනස්කම් රාශියක් ඇති කළ හැකි පරිදි ජාතික චිත්‍රපට සංවර්ධන කොමිසම කඩිනමින් පිහිටුවන බව ප්‍රවාහන මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය- සිවිල් ඉංජිනේරු අනුකමිටුව විසින් සංවිධානය කළ "කඩාවැටුණු ඉදිකිරීම් කර්මාන්තය, ආර්ථිකය සහ 2024 අයවැය"- ඉංජිනේරුවන් සමඟ විශ්ලේෂණාත්මක කතා බහක්" සංවාදාත්මක වැඩසටහන ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් GAP HQ ආයතන ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
සිවිල් වැරැදි සම්බන්ධයෙන් වැරදිකරුවන් වන සියලු දෙනා නිවාස අඩස්සියේ තැබීමේ වැඩපිළිවෙලක් මෙම වසරේදී ක්‍රියාත්මක කරන බව අධිකරණ හා බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍ය නීතිඥ අනුරාධ ජයරත්න මහතා පැවසීය
“අලුත් ගමක් අලුත් රටක් ව්‍යවසායක රාජ්‍යයක්” යන සංකල්පය යටතේ දිළිඳු සහ අන්ත දිළිඳු පවුල් අතරින් ලක්ෂ 12ක් සවිබල ගැන්වීමට අපේක්ෂා කරන බව සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල් මහතා පැවසීය.
සබරගමුව පළාතේ අධ්‍යාපනය නංවාලීමේ වැඩසටහනේ තවත් එක් වැඩසටහනක් පසුගියදා සබරගමු පලාත් ආණ්ඩුකාර නවින් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රුවන්වැල්ල වැන්දල රාජසිංහ මහා විද්‍යාලයේ දී පැවැත්වුණි.
මුහුදුබඩ මාර්ගයේ ධාවනය වන දුම්රිය හෙට (04) දිනයේ ප්‍රධාන දුම්රිය ස්ථාන කිහිපයක නොනවත්වා ධාවනය කිරීමට කටයුතු සැලසුම් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.
හිස් ප්ලාස්ටික් බෝතල් කිලෝවක් රුපියල් අසූවක උපරිම මිලකට ලබා ගැනීමේ වැඩපිළිවෙළක් ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් ඊයේ ( 29) සිට ආරම්භ කෙරිණි.
තම දරුවන් දෙදෙනාට අමානුෂික ලෙස පහර දී එය වීඩියෝ ගත කර සමාජ මාධ්‍යට එක් කළ පියෙකු අද (07) අත්අඩංගුවට ගත් බව දිඹුල පතන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ආනන්දසිරි මහතා පැවසිය.
ශ්‍රී ලංකාවේ සහ ජාත්‍යන්තරයේ වර්තමාන කලාව සහ සංගීතය කේන්ද්‍ර කර ගත් මාතර කලා උළෙල (MFA) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (02) ආරම්භ කෙරිණි.
මහනුවර බහුවිධ ප්‍රවාහන පර්යන්න සංවර්ධන ව්‍යාපෘතියේ ඉදිකිරීම් ආරම්භ කිරීමෙන් අනතුරුව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍යවරයා මල්වතු පාර්ශවයේ මහා නායකයන් බැහැදකී
විසල් මහනුවර සංවර්ධන වැඩසටහන යටතේ, රු. කෝටි 3000ක ලෝක බැංකු ණය ආධාර මත ක්‍රියාත්මක මහනුවර බහුවිධ ප්‍රවාහන පර්යන්න සංවර්ධන ව්‍යාපෘතියේ (KMTT - kandy multimodale transit terminal) ඉදිකිරීම් ආරම්භ කිරීමෙන් අනතුරුව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ශ්‍යාමෝපාලි මහානිකායේ මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බොටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නායක හිමියන් බැහැදක ආශිර්වාද ලබා ගැනීමට එක් විය.
එහිදී මේවන විට රට පත්ව ඇති ආර්ථික අර්බුදය හමුවේ කිසිඳු විදේශීය රටකින් ණය ආධාර මුදලක් ලබා ගැනීමට නොහැකි තත්වයක් උද්ගතව තිබියදී පවා ජනාධිපතිතුමා අගමැතිතුමා ප්‍රමුඛ රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එළඹ ඇති ගිවිසුම් එකඟතා පිළිබඳ අවධානය යොමු කරමින් 2011 වසරේ සිට දශකයකට අධික කාලයක් ක්‍රියාත්මක කිරීමට උත්සාහ කළ මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට ලැබීම සුවිශේෂී අවස්ථාවක් බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
එහිදී ලෝක බැංකුව සහ ආසියානු කලාපීය නියෝජිතයින් රට තුළ පවතින ආර්ථික තත්ත්වය සහ ඩොලරයේ අගය ඉහළ යෑම පිළිබඳවද සලකා බලමින් මේ සඳහා වැය කිරීමට සිදුවන සම්පූර්ණ මුදල මේ වන විට වෙන්කර අවසන් බවත් සැලසුම් කළ ආකාරයට වසර දෙකක කාලයක් තුළ මෙහි ඉදිකිරීම් අවසන් කිරීම අමාත්‍යංශයේ සැලසුම බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.
දෛනිකව විදෙස් සංචාරකයින් ඇතුළු අති විශාල ජනතාවක්, සහ රථවාහන අති විශාල ප්‍රමාණයක් ගමනාගමනයේ යෙදෙන රටේ දෙවැනි අගනුවර බඳු මහනුවර නගරය වඩාත් ක්‍රමවත් සහ සැලසුම් සහගතව නවීකරණය කිරීමට කටයුතු කිරීම සහ ඒ පිළිබඳ මූලිකත්වය ගැනීම පිළිබඳව මහානායක ස්වාමීන් වහන්සේ අමාත්‍යවරයා වෙත සිය ප්‍රසාදය පළ කළේය.
මේ අවස්ථාවේ රට තුළ පවතින වත්මන් ආර්ථික තත්ත්වය සහ ගැටලු පිළිබඳ අමාත්‍යවරයා විසින් රචනා කරන ලද "දෙදහස් විසිහතර අයවැය - ආර්ථික විද්‍යාත්මක හෝරාවක් " කෘතියේ පිටපතක්ද ගෞරවනීය මහා නායක ස්වාමීන් වහන්සේ වෙත අමාත්‍යවරයා විසින් පිළිගන්වන ලදී.
අමාත්‍යවරයා ඇතුළු පිරිසට ආශිර්වාද කළ මහානායක ස්වාමීන් වහන්සේ අමාත්‍යවරයා වෙත සහ ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපීය පුහුණු කළමනාකාර ෆෙයි ඩෙංග් මහත්මිය සිහිවටන බුද්ධ ප්‍රතිමාවන් දෙකක් පිරිනමන ලදී.
මහනායක හිමියන් බැහැදකීමෙන් අනතුරුව අමාත්‍යවරයා ඇතුළු නියෝජිත පිරිස මහනුවර ශ්‍රී දළදා මාලිගාව වැඳපුදා ගනිමින් දළදා සමිඳුන්ගේ ආශිර්වාදය ලබාගත් අතර දළදා මාලිගා පරිශ්‍රයේ සංචාරයකටද එක් විය.
ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපීය පුහුණු කළමනාකාර ෆෙයි ඩෙංග් මහත්මිය, ක්‍රමාන හා මහාමාර්ග අමාත්‍යංශයේ ලේකම් රංජිත් රූබසිංහ මහතා, මෙරට ලෝක බැංකු ප්‍රධානීන් ඇතුළු නිලධාරින් පිරිසක් ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.
දිවයින පුරා පාසල් 10,221ක් අතරින් පාසල් 4,983ක් අවටින් පසුගිය මාස කිහිපය තුළ ශ්‍රී ලංකා පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව වැටලීම් සිදු කර තිබේ.
සිසු හෙද පුහුණුවට බඳවා ගැනීම සදහා හම්බන්තොට දිස්ත්‍රික්කයට අදාළ සම්මුඛ පරීක්ෂණ 2024.02.03 දින හම්බන්තොට හෙද විදුහලේ දී පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (පාලන) II චාමික එච්.ගමගේ මහතා පවසයි.
කාන්තාවන් සේවයේ යෙදවීමට අදාළව සාප්පු හා කාර්යාලයීය සේවකයන් පිළිබඳ පනත සංශෝධනය කිරීමට කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
අපනයන කේන්ද්‍රීය නිෂ්පාදන ආර්ථිකයක් ගොඩ නැගීමේ ජාතික වැඩපිළිවෙළ යටතේ නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපළ වෙත රැගෙන යෑමේ අරමුණින් ගම්පහ දිස්ත්‍රික්කය තුළ ප්‍රචලිත කිරීම හා දැනුවත් කිරීමේ වැඩසටහන ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය පරීශ්‍රයේදී පෙබරවාරි 7 වනදා පැවැත්වේ.
ලක්ෂ 20 ක් පමණ වූ අස්වැසුම ප්‍රතිලාභීන් සංඛ්‍යාව තවත් ලක්ෂ 04 කින් වැඩිකිරීම සඳහා අයදුම්පත් කැඳවීම පෙබරවාරි මස 10 වන දින පමණ වන විට ආරම්භ කිරීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
ගාලු සාහිත්‍ය උළෙල නැරඹීමට ද ජනපති එක් වෙයි.
Page 88 of 739