Wednesday, October 02, 2024
Follow Us
නව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් පත් කෙරේ

එච්.එස්.කේ.ජේ.බණ්ඩාර මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් තනතුරේ පූර්ණකාලීනව වැඩබැලීම සඳහා පත් කිරීමට බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා, සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

දැනට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ (පාලන) ලෙස සේවය කරනු ලබන බණ්ඩාර මහතා ශ්‍රී ලංකා පරිපාලන සේවයේ I ශ්‍රේණියේ නිලධාරියෙකි.