Tuesday, October 06, 2026
Follow Us
OTP කිසිදු හේතුවක් මත හුවමාරු කර ගන්න එපා

බැංකු විසින් එක්වරක් පමණක් ලබාදෙන මුරපද (OTP) කිසිදු හේතුවක් මත හුවමාරු කර නොගන්නා ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලිමක් කරයි.

මෑත කාලීනව බරපතළ මූල්‍ය වංචාවන් වාර්තා වන බව පෙන්වා දෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මේ බව පැවසීය.