Friday, September 27, 2024
Follow Us
පිට වූ ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය සම්බන්ධයෙන් අගමැතිනිය විභාග දෙපාර්තමේන්තුවට උපදෙස් දෙයි
ශිෂ්යත්ව ප්රශ්නපත්ර පිටවීම හේතුවෙන් දරුවන්ට සිදු වූ අසාධාරණයට වහාම සාධාරණය ඉටුවිය යුතු බවත්, පිට වූ ප්රශ්න පිළිබඳ පුර්ණ විමර්ශන වාර්තාවක් ස්වාධීන විශේෂඥයින්ගේ දායකත්වයෙන් සිදු කර සිය අවධානයට යොමු කරන ලෙසත් අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය විභාග දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නාය.
 
.
අද (26) පෙරවරුවේ අධ්යාපන අමාත්යංශයේ සියලු අංශවල නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවේ දී අග්රාමාත්යවරිය මේ බව සඳහන් කළාය.
 
මෙහි දී අදහස් දැක් වූ අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය,
“පාසල් අධ්යාපනය සංවර්ධනය කිරිම වත්මන් රජයේ පුමුඛ අරමුණක්. අපේ රජය යටතේ අධ්යාපනය සඳහා වැඩි ප්රතිපාදන ප්රමාණයක් වෙන් කිරීමට අපි තීරණය කර තිබෙනවා. අධ්යාපන අමාත්යංශය සහ විභාග දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් ජනතාව තුළ ඇතිවී තිබෙන අවිශ්වාසය නැති කිරීමට මේ ආයතන කටයුතු කළ යුතුයි. විශේෂයෙන් විභාග පැවැත්වීම හා ප්රථිඵල ලබාදීම කඩිනම් කරන්න.
ගුරු පුරප්පාඩු පිරවීමේදී නිසි ක්රමවේදයක් මගින් සිදුවිය යුතුයි. ජනතාව තුල විශ්වාසය ඇති වන පරිදි විනිවිද භාවයෙන් පුරප්පාඩු පිරවීම සිදු කරන්න වෙනවා. පාසල් පැත්තෙන් මට පොඩි යෝජනාවක් තියෙනවා. ඒක එකපාර කරන්න බැරි උනත් පාසල් වලින් මට වාර්තා වෙනවා මානසික සෞඛ්ය මානසික අසහන පිළිබඳ ප්රශ්න. මේ ගැන අපි මැදිහත් වෙන්නම ඕන. අපි තේරුම් ගන්න ඕන එකක් තියෙනවා. මේ පරපුර කොවිඩ් වලටත් මුහුණ දුන්නා. ආර්ථිකය කඩා වැටීම නිසා ඇතිවුණු ගෘහස්ථ ගැටලු වලටත් මුහුණ දුන්නා. මේ ඔක්කොමත් එක්ක එන පරපුරක්. පවුල්වල තියෙන ප්රශ්න, ගුරුවරුත් එක්ක තියෙන බැඳීම අඩුවීම වගේ ගැටලු මේ පරපුරේ තියෙනවා.
පාසල් දරුවන්ගේ පෝෂණය වැඩිදියුණු කිරීම සඳහා දිවා ආහාර ලබා දීමේ වැඩසටහන් ක්රමවත් කිරීමත්, යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේදී ක්රමවත් සහ පිළිගත් ක්රමවේදයකට විනිවිදභාවයෙන් සිදු විය යුතු බවත්, මහජන නියෝජිතයින් පාසල් වලට ගෙන්වා ගැනීම නතර කරන්න”
අග්රාමාත්ය ලේකම් ප්රදීප් සපුතන්ත්රි, අධ්යාපන අමාත්යංශයේ ලේකම් තිලකා ජයසුන්දර යන මහත්ම මහත්මීන් සහ අධ්යාපන අමාත්යංශයේ සියලු අංශ ප්රධානීන් මෙම අවස්ථාවට සහභාගී විය.