Tuesday, October 01, 2024
Follow Us
ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි

කරස්නාගල ජල පිරිපහදු ක්‍රමයේ සිට ජලය බෙදාහරිනු ලබන ප්‍රධාන නළයේ අළුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් අද රාත්‍රී 10.00 සිට හෙට (02) රාත්‍රී 10.00 දක්වා ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දෙයි.

ඒ අනුව පස්යාල, කලල්පිටිය , ඇල්ලලමුල්ල, වතුපිටිවල , මාඉඹුල, අත්තනගල්ල, ගොඩගම , අලවල , ඌරාපොළ , දික්කන්ද, වල්ගම්මුල සහ මිටිගම්මන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවේ.

ජල සැපයුම අත්හිටුවීමෙන් පාරිභෝගිකයන්ට සිදුවන අපහසුතාවය පිළිබඳ මණ්ඩලය කණගාටුව පළ කරන අතර ජලය ඉතා අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ද ඉල්ලා සිටී.

මේ පිළීබඳව වැඩිදුර තොරතුරු 1939 ක්ෂණික දුරකතන අංකය ඔස්සේ ලබා ගත හැකි බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.