Wednesday, February 11, 2026
Follow Us
ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර පරීක්ෂාව සම්බන්ධයෙන් ජනපතිගෙන් උපදෙස්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ 5 ශ්රේණිය ශිෂ්යත්ව විභාගයේ ප්රශ්න පත්ර ගැටලුව සම්බන්ධයෙන් උද්ඝෝෂණයක නිරත වූ දෙමව්පියන් පිරිසක් අතර සාකච්ඡාවක් ඊයේ (30) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණ.
එහි ප්රතිඵලයක් ලෙස 05 ශ්රේණිය ශිෂ්යත්ව විභාගයේ පිළිතුරු පත්ර පරීක්ෂාව සති දෙකකට අත්හිටුවිමට ජනාධිපතිවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
පසුගිය 05 ශ්රේණිය ශිෂ්යත්ව විභාගයේ ප්රශ්න 3ක් නොව ප්රශ්න 8ක් විභාගය පැවැත්වීමට පෙර පිටව ඇති බවත්, එබැවින් එහි පළමු ප්රශ්න පත්රයට අදාළ විභාගය නැවත පවත්වන ලෙස ද දෙමව්පියන් මෙහිදී ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියහ.