දීඝවාපිය මහා සෑ රඳුන්ගේ සර්වඥ ධාතූන් වහන්සේලා සහ එහි තැන්පත් කිරීමට නියමිත චූඩා මාණික්‍යය ඓතිහාසික ඇතුගල් පුරවරයේ සිද්ධස්ථාන වෙත වැඩම කිරීමට කටයුතු යොදා තිබේ.
අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ වැඩසටහනේ දෙවැනි අදියර සඳහා අයදුම්පත් යොමු කිරීමට ඕනෑම තරාතිකරමක පුද්ගලයකුට හැකියාව ඇති බවත් ප්‍රතිලාභ සඳහා සුදුස්සන් තෝරා ගැනීමේ ක්‍රමවේදය යටතේ සියලු අයදුම්පත් සමානව සලකා සුබසාධන ප්‍රතිලාභ ලබා දීමේ නිර්ණායකයන්ට යටත්ව පරීක්ෂා කරන බව හා හිමිවන ලකුණු ප්‍රමාණය අනුව සුදුසුකම් ලැබීම සිදු වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසීය.
කාන්තා පොලිස් කොස්තාපල්වරියකට ලිංගික අතවර සිදුකළ බවට චෝදනා එල්ලවූ කල්පිටිය පොලිස් ස්ථානාධිපතිවරයාගේ වැඩ තහනම් කර තිබේ.
මත්කුඩු ලෝලීන් සහ පාසල් සිසුන් මත්වීමට මත්ද්‍රව්‍යක් ලෙස භාවිතා කරන වේදනා නාශක ඖෂධ පෙති වර්ගයක් කාලයක් තිස්සේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට අලෙවි කිරීමේ ඡාවාරමක නිරතව සිටි පේරාදෙණිය රෝහලේ වෛද්‍යවරයෙකු අත්ගාල පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (13) රාත්‍රීයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති 2024 ආසියානු යොවුන් චෙස් ශූරතාවලියේ (අවුරුදු 18න් පහළ) රන් පදක්කම දිනාගත් එල් එම් සුසල් ද සිල්වා දරුවා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ඇගයීමට ලක්විය. ඒ, මෙම යොවුන් ක්‍රීඩකයා පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය කාර්‍යාලයේදී ඊයේ (09) හමු වූ අවස්ථාවේදීය.
රිලවුන් මර්දනය සඳහා කෑගල්ල දිස්ත්‍රික්කයට වායු රයිෆල් ලබා දෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද (14) පැවැත්වේ.
ගත වූ පැය 24 තුළ දිවයින පුරා සිදු කළ මෙහෙයුම්වල දී සැකකරුවන් 663 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
කුරුණෑගල වැවිලි සමාගම සම්ප්‍රදායික පොල් ගෙඩි විකිණීමෙන් එහාට ගොස් අසීමිත ඉල්ලුමක් ඇති පොල් අයිස්ක්‍රීම් නිෂ්පාදනයට යොමු ව තිබේ.
කැඩුණු - බිදුණු - සිතින් උපන් 'සෝභානුරාවය' 2024 ගායන අභිෂේක ප්‍රසංගය, 11 වන මිතුරු මිතුරෝ යහපත් අමද්‍යපික ජාතික සම්මාන උළෙල අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැල්මඩුල්ලේදී පැවැත්විණි.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදුව සහ බද්දේගම අතර 92 වැනි කිලෝමීටරයේ දී ඊයේ (09) සවස ලොරි රථයක් පෙරළීයාමෙන් අධිවේගී මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල විය.
කැලණිය වරාගොඩ ස්ථාපිත කර ඇති ජාතික වීරවර ශ්‍රීමත් ඩී. බී. ජයතිලක පිළිරුව නිරාවරණය කිරීම පසුගියදා සිදු වූ අතර එම අවස්ථාවට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා එක් විය.
"Love on wheels motor show" මෝටර් රථ ප්‍රදර්ශනය කළුතර කටුකුරුන්ද ගුවන් හමුදා ධාවන පථයේදී පසුගියදා පැවැත්විණි.
පොදු ප්‍රවාහන සේවවාන්වලදී ළමයින්ට හා කාන්තාවන්ට සිදුවන ලිංගික හිංසනයන් මැඩපැවැත්වීම සඳහා වූ නියමු ව්‍යාපෘතිය පසුගියදා (07) දිවයින පුරා බලපැවැත්වෙන පරිදි පොදු ප්‍රවාහන සේවා මහජනතාව වැඩි වශයෙන් ගැවසෙන වීදී , බස් නැවතුම්පළ හා දුම්රිය ස්ථානයන් මූලික කර ගෙන ක්‍රියාත්මක කෙරිණි.
Sri Lanka Tourism Promotion Bureau (SLTPB) is gearing up to introduce a fresh tourism brand — the Buddhist Trail, to tap into the rich cultural and religious heritage of the country.
රථ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම කඩිනම් කිරීම සදහා මධ්‍යම පළාත් ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් විශේෂ වැඩසටහනක් දියත් කර තිබේ.
පොදු ප්‍රවාහන සේවාවලදී කාන්තාවන් ඇතුළු කුඩා දරුවන්ට විවිධ ලිංගික අතවර කළ බව කියන පුද්ගලයන් 18 දෙනකු ඇතුළු 42 කු පළමු දිනයේම අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
Page 87 of 739