Wednesday, October 02, 2024
Follow Us
ආගමන හා විගමන පාලක ජනරාල් තනතුරේ වැඩබැලීමට නිලුෂා බාලසූරිය මහත්මිය පත් කෙරේ

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනියක වන බී.එම්.ඩී.නිලුෂා බාලසූරිය මහත්මිය වහාම ක්‍රියාත්මක වන පරිදි ආගමන හා විගමන පාලක ජනරාල් තනතුරේ වැඩබැලීම සඳහා පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිවු බව අමාත්‍ය මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක විජිත හේරත් මහතා පැවසීය.

 ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (01) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ජාවේදීය.

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරියක ලෙස බාලසූරිය මහත්මිය දැනට සේවය කරනු ලබයි.

ආගමන හා විගමන පාලක ජනරාල් ලෙස සේවය කළ අයි.එස්.එච්.ජේ.ඉලුක්පිටිය මහතා 2024-09-25 දින සිට ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග මත රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබ ඇති නිසා එම තනතුරේ රාජකාරි කටයුතු ඉටු කිරීම පිණිස වහාම සුදුසු නිලධාරියෙකු පත් කළ යුතු බැවින් ඒ සඳහා බාලසූරිය මහත්මිය පත්කිරිමට මහජන ආරක්ෂක අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.