සීගිරිය සහ තදාසන්න කලාපය සංචාරක කලාපයක් වශයෙන් තවදුරටත් සංවර්ධනය කිරීම අරමුණු කොටගෙන ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කිරීමට සංචාරක අමාත්‍යාංශය කටයුතු යොදා තිබේ.
නීතිවිරෝධී ලෙස මෙරට මුහුදු සීමාවට ඇතුළු වී ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් පිරිසක් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
'උරුමය අපේ උරුමය 2024 ' ජාතික පුරාවිද්‍යා දිනය නිමිති කරගනිමින් සංවිධානය කරන ලද ජාතික පුරාවිද්‍යා සමුළුව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී ඊයේ (08) පැවැත්විණි.
ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ ඇණිය ශක්තිමත් කිරීම සඳහා ලංකා අශෝක් ලේලන්ඩ් සමාගමෙන් මිලදී ගත් නව එන්ජින් කට්ටල ලංගම ඩිපෝ වෙත බෙදාදීම ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පනාගොඩ පිහිටි ලංකා අශෝක් ලේලන්ඩ් ආයතනයේ කර්මාන්ත ශාලා පරිශ්‍රයේදී සිදුවිය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක “අස්වැසුම” සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ වැඩසටහනේ දෙවන අදියරේ තොරතුරු සංගණනය ජූලි 15 දා සිට 30 දක්වා සිදු කෙරෙන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය දැනුම් දෙයි.
ජනාධිපති ශිෂ්‍යත්ව ප්‍රදානය අද (12) සිට දිස්ත්‍රික් මට්ටමින් ආරම්භ කිරීමට නියමිතය.
දීඝවාපි චෛත්‍ය රාජයාණන්ගේ නිදන් වස්තු තැන්පත් කිරීම ජූලි මස 14 වනදා සිදු කෙරේ
අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය මට්ටමේ මහජන සෞඛ්‍ය කාර්ය සාධන ප්‍රගති සමාලෝචන රැස්වීම (Regional Level Public Health Performance Review of Anuradapura District) පසුගියදා (06) සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ ප්‍රධානත්වයෙන් උතුරු මැද පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ පළාත් සෞඛ්‍ය පුහුණු මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
දුම්රිය ස්ථානාධිපතිවරුන් සහ පාලකවරුන් සිය වර්ජන ක්‍රියාමාර්ගය අවසන් කිරීමට තීරණය කර තිබේ.
බෙම්මුල්ල දුම්රිය ස්ථානය අසලදී දුම්රියෙන් මගියෙකු ඇද වැටී ජීවිතක්ෂයට පත්ව තිබේ.
රාමීය අංශයේ කුඩා ව්‍යාපාරවල නිරත වන කාන්තාවන්ගේ ව්‍යවසායකත්ව හැකියාව නංවාලීම සඳහා සහන පදනම යටතේ ණය මුදලක් ලබා දීමට ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන් විසින් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දුන් බවත්, ඒ අනුව මෙම වසරේ දී ඒ සඳහා රුපියල් මිලියන 2000ක මුදලක් වෙන් කරන ලද බවත් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.
මේ වනවිට පොල් හා තැඹිළි වගාව තුළ ව්‍යාප්තවෙමින් පවතින සුදුමැස්සා, පොල් කුරුමිණියා හා රතු කුරුමිණියා නැමැති කෘමි උවදුර පාලනය සඳහා මාසයක කාලයක් තුළ කඩිනම් ඒකාබද්ධ පළිබෝධ පාලන වැඩසටහනක් අරඹන්නැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අදාල නිලධාරින්ට අද(11) උපදෙස් දුන්නේය.
ඊශ්‍රායලයේ දී වැරදි කළොත්, තරාතිරම නොබලා පියවර ගන්නා බවත්, විදේශ රැකියාවන්ට ගිහින් රටේ නම කැත කරන අය ''බ්ලැක් ලිස්ට්'' කිරීමට කටයුතු කරන බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසයි.
රුපියල් කෝටි හයකට අධික වටිනා කුශ් හා කොකේන් ගුවන් තැපැල් මගින් ආනයනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කෝටිපති ව්‍යාපාරිකයාගේ නාවල දෙමහල් නිවසේ ගරාජයේ තිබී නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි මහත්මියගේ නමට ලියාපදිංචි කරන ලද බී.එම්. ඩබ්ලිව්. වර්ගයේ සුඛෝපභෝගී මෝටර් රථයක් හමුවූ බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය කියයි.
ශ්‍රී ලංකා 20යි 20 ක්‍රිකට් කණ්ඩාමේ නායක වනිඳු හසරංග එම තනතුරෙන් ඉල්ලා අස් වී ඇත.
කුඩා දරුවාගේ පටන් වයසින් වයෝවෘද්ද අයෙක් දක්වාම බියකින් තොරව අප ලබා දෙන එකම ආහාරය පළතුරු නොවේද ?
ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ පෙරහැර ආරම්භ වී සුළු මොහොතකට පසු පෙරහරේ ගමන් ගත් අලියෙකු කුලප්පු වීමෙන් ඇති වූ කලබලයේදී පෙරහැර නැරඹූ පුද්ගලයින් 13 දෙනෙකු පමණ තුවාල ලබා තිබෙන බව වාර්තා වෙයි.
Page 66 of 738