Thursday, June 19, 2025
Follow Us
පොලිතීන් භාවිතයෙන් තොරව කතරගම වන්දනා සමයක්

එළඹෙන කතරගම වන්දනා සමය නිමිත්තෙන් යාපනය සිට කතරගම පූජා භූමිය වෙත පැමිණෙන බැතිමතුන්ට පොලිතීන් භාවිතයෙන් තොරව වන්දනා ගමන සිදු කිරීමට අවශ්‍ය කටයුතු යෙදීමට පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතා උපදෙස් ලබා දී ඇත.

පරිසර අමාත්‍යංශයේ ඊයේ (18) දී පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව පැවසුවේය.


පාද යාත්‍රාව එළබෙන 20 වෙනිදා ආරම්භ වීමට නියමිත අතර කතරගම පූජා භුමිය වන්දනා කිරීමට මෙම වසරේ පාද යාත්‍රාවෙන් 30,000 කට අධික බැතිමතුන් සංඛ්‍යාවක් පැමිණෙතැයි අපේක්ෂා කරන බවද අමාත්‍යවරයා පැවසීය.


මෙම පාද යාත්‍රාව පරිසර හිතකාමී ලෙස සිදු කිරීම සඳහා පරිසර අමාත්‍යංශය සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මැදිහත් වෙමින් කටයුතු කරනු ලබයි.
පසුගිය වසරවලදී පැවති පාද යාත්‍රාවන් හේතුවෙන් එකතු වන කැලි කසලවලින් වනෝද්‍යාන සහ වන සතුන් ඇතුළු ජෛව පද්ධතීන්ට තර්ජනයක් එල්ල වූ බවත් කැලි කසල විශාල ප්‍රමාණයක් එක් රැස්වීම හේතුවෙන් පරිසර පද්ධතියට හානියක් සිදු වී ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
යාපනයේ සිට යාල සහ කුමන වනෝද්‍යාන හරහා කතරගම දක්වා සිදු කරන සංස්කෘතික පා ගමන පරිසර හිතකාමි අයුරින් පමණක් සිදු කරන ලෙසත් පරිසර පද්ධතියට සහ වනෝද්‍යානවල වෙසෙන වන සතුන්ගේ ක්‍රියාකාරකම්වලට බාධා නොවන අයුරින් හැසිරෙන ලෙසත් අමත්‍යවරයා බැතිමතුන්ගෙන් ඉල්ලා සිටියේය.