Tuesday, February 10, 2026
Follow Us
කොම්පඤ්ඤවීදිය ගුවන්පාලම ඉදිකිරීමේදී ඉවත් කළ පොලිස් නිල නිවාස වෙනුවට නිවාස 42 ක්

කොම්පඤ්ඤවීදිය ගුවන්පාලම ඉදිකිරීමේදී ඉවත් කළ පොලිස් නිල නිවාස වෙනුවට නිවාස 42 ක් ලබාදීම අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (16) සිදු කෙරිණි.

කොළඹ 13 සිරිල් සී පෙරේරා මාවතේ ඉදිකෙරුණු නිවාස ලබාදිම අද  සිදු කෙරුණේ අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙනි.

මේ අවස්ථාවට මහජන ආරක්ෂක  අමාත්‍යාංශ ලේකම් රවී සිරිවර්ධන,  වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.