මත් ද්‍රව්‍ය ජාවාරම් පාතාල ක්‍රියාකාරකම් ඇතුළු නීති විරෝධී ක්‍රියා ඔස්සේ වත්කම් රැස්කරගෙන ඇති පුද්ගලයින් 88 දෙනෙකුගේ දේපල ක්‍රියාවිරහිත කිරීමට නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් මේ වන විට ක්‍රියා කර ඇති බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි .
දිවයිනේ ප්‍රබල පෙළෙහි සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයින් රැසකගේ දේපල ද එලෙස නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් ක්‍රියාවිරහිත කරන ලද දේපල අතර වෙයි.
එලෙස මේ වන විට ක්‍රියා විරහිත කර ඇති දේපලවල මුළු වටිනාකම රුපියල් හාරසිය අටකෝටි හැටතුන් ලක්ෂ තිස් දෙදහස් තුන්සිය විසි හතරකුත් ශත විසි දෙකක් බව තහවුරු කර ඇති බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් නිවේදනය කරයි.