Tuesday, February 10, 2026
Follow Us
දුම්රිය හරස් මාර්ගයක් ගැන දැනුම්දීමක්

පොතුහැර සහ කුරුණෑගල අතර දුම්රිය මාර්ගයේ අමුණුගම දුම්රිය හරස් මාර්ගයේ අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් මහා මාර්ගය මේ මස 19 වැනිදා සිට 22 වැනිදා දක්වා වසා තබන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව මේ මස 19, 20 සහ 22 යන දිනවල පෙරවරු 9.00 සිට පස්වරු 6.30 දක්වා අර්ධ වශයෙන් ද, මේ මස 21 වැනිදා පෙරවරු 9.00 සිට පසු දින එනම් 22 වැනිදා පෙරවරු 6.00 දක්වා සම්පූර්ණ වශයෙන් ද, මහා මාර්ගය වසා තබන බවද එම දෙපාර්තමේන්තුව පැවසීය. 

එම කාලසීමාව තුළ ඇතිවිය හැකි රථවාහන තදබදය මගහරවා ගැනීමට සහ අපහසුතා අවම කරගැනීමට විකල්ප මාර්ග භාවිත කරන මෙන් ඉල්ලා සිටින බව ද දුම්රිය දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කරයි.