Tuesday, February 10, 2026
Follow Us
සාර්ථක පුද්ගලයෙක් යනු හොඳ රැකියාවක් කරන කෙනෙක් ම නෙමෙයි
සාර්ථක පුරවැසියෙක් යනු හොඳ රැකියාවක් කිරීම ම නොව අනෙකාගේ අපහසුතා පිළිබඳ, කාන්තාවන්ගේ කාරණා පිළිබඳ සංවේදී වන පුරවැසියෙක් ලෙස සමාජයේ ජීවත් වීමට අවබෝධයක් ඇති අයෙකු වීම බව අධ්යාපන, උසස් අධ්යාපන හා වෘත්තීය අධ්යාපන අමාත්ය, අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය.

නව යෞවනයේ සනීපාරක්ෂාව පිළිබඳ පාසල් දරුවන් දැනුවත් කිරීම වෙනුවෙන් ඊයේ(17) අධ්යාපන අමාත්යංශයේ පැවති වැඩසටහනකදී අමාත්යවරිය මේ බව පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක් වූ අධ්යාපන, උසස් අධ්යාපන හා වෘත්තීය අධ්යාපන අමාත්ය, අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය මෙසේද කීය,
 
සනීපාරක්ෂාව අධ්යාපනයට සෘජුවම සම්බන්ධයි කියලා අපි විශ්වාස කරනවා. සමහර අයට හිතෙන්න පුළුවන් මොකක්ද අධ්යාපනය, සනීපාරක්ෂාව සමඟ තියෙන සම්බන්ධය කියලා.
සනීපාරක්ෂාව සියලු දෙනාගේම අයිතියක් සියලුදෙනාටම අවශ්ය දෙයක් සහ දත්ත අනුව පෙන්නුම් කරනවා සනීපාරක්ෂක පහසුකම් හරියට පාසලක් තුළ නොතිබීම නිසා විශේෂයෙන් අඩු පහසුකම් තියෙන පාසල්වල ගැහැණු දරුවන්ට මාසෙකට සැරයක්වත් අධ්යාපනය අතපසු වෙනවා. ඒ වගේම තමයි සමාජය තුළ ඔවුන්ට නිදහසේ අවශ්ය පරිදි ගැවසෙන්න තියෙන අයිතිය සීමා වෙනවා. ඒ සනීපාරක්ෂක පහසුකම් හරියට නැතිවීම හේතුවෙන්.