Tuesday, February 10, 2026
Follow Us
ප්‍රාථමික සෞඛ්‍ය මධ්‍යස්ථාන 100ක්
ප්රාථමික සෞඛ්ය මධ්යස්ථාන සියයක් මෙම වර්ෂය තුළ දී ආරම්භ කර මෙරට ජනතාවට විධිමත් හා ගුණාත්මක ප්රාථමික සෞඛ්ය සේවාවක් ලබා දීමට කටයුතු කරන බව සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
 
මෙරට ජනතාවට වර්තමානයේ දී ලබා දෙන ප්රාථමික සෞඛ්ය සේවාව වඩාත් ගුණාත්මක හා කාර්යක්ෂම ප්රාථමික සෞඛ්ය සේවාවක් ලෙස ඉදිරි කාලයේ දී ලබා දීම ප්රමුඛ අරමුණු කරගනිමින් මෙම වර්ෂය තුළ දී ප්රාථමික සෞඛ්ය මධ්යස්ථාන සියයක් ආරම්භ කරන බවත්, ඉදිරි වසර දෙකහමාර ඇතුළත දී දිවයින පුරා නව ප්රාථමික සෞඛ්ය මධ්යස්ථානයන් හි සියලු ඉදිකිරීම් නිම කර මෙරට ජනතාවට විධිමත් ප්රාථමික සෞඛ්ය සේවාවක් ලබා දෙන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්න‌ේය,