Opposition lawmakers including Opposition Leader Mahinda Rajapaksa yesterday requested Speaker Karu Jayasuriya to prevent the visiting United Nations Special Rapporteur from meeting the Chief Justice and High Court Judges hearing cases on three incidents that took place during the former Government, insisting such a meeting would be tantamount to infringing on the independence of the judiciary.
මුස්ලිම් මන්ත්රීවරුන් යළි ඇමති ධුර භාර ගැනීම සම්බන්ධයෙන් අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා සමග සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. එහිදී ඇමති ධූරවලින් ඉල්ලා අස් වූ මුස්ලිම් මන්ත්රීවරු විසින් අග්රාමාත්යවරයාට මුස්ලිම් ජනතාව මුහුණ පා සිටින ගැටලූ සම්බන්ධයෙන් කරුණු කිහිපයක් ඉදිරිපත් කර ඇතැයි සඳහන්.
ඉදිරියට තැබූ අඩිය කිසිසේත්ම පිටුපසට නොගන්නා බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්ය නායක, නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්ය සජිත් ප්රේමදාස මහතා ප්රකාශ කළේය. ඉදිරි මැතිවරණ සම්බන්ධයෙන් ඉදිරිපත් වන අපේක්ෂකයා කවුරුන්ද යන්න තේරීම තමන්ගේ කාර්යයක් නොවන බවත් එය කෘතාධිකාරී මණ්ඩල ඇතුලු පක්ෂය විසින් තීරණය කරනු ඇතැයි මල්වතු හා අස්ගිරි පාර්ශවයන්හි මහා නායක හිමිපාණන් වහන්සේ අද (22) බැහැ දැකීමෙන් අනතුරුව අමාත්යවරයා මේ බව කීවේය.
ඉදිරියේ දී එක්සත් ජාතික පක්ෂය අළුත් සංවිධානයක් සහ අළුත් ලාංජනයක් යටතේ පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බව අගමැති රනිල් වික්රමසිංහ මහතා පවසයි.
ජනාධිපතිවරණය ප්රකාශයට පත් කිරීමෙන් අනතුරුව ශ්රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්රීවරුන් හය දෙනෙකු අනිවාර්යයෙන්ම එක්සත් ජාතික පක්ෂය සමඟ එක්වන බව රාජ්ය අමාත්ය අශෝක් අබේසිංහ මහතා පවසයි.
එක්සත් ජාතික පක්ෂ නියෝජ්ය නායක ඇමැති සජිත් ප්රේමදාස මහතාට ශ්රී ලංකාවේ සාමාන්ය පෙළ හෝ උසස් පෙළ විභාග සමත් වී නොමැති බව කැබිනට් නොවන ඇමති අජිත් පී. පෙරේරා මහතා සඳහන් කළේය.
ශ්රී ලංකා පොදුජන පෙරමුණ එළඹෙන සිකුරාදා දිනයේදී මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුත් සන්ධානයක් උදෙසා පක්ෂ 10ක් සමඟ අවබෝධතා ගිවිසුම් අත්සන් තැබීමට සූදානම් බව එම පක්ෂයේ සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පවසයි.
2020 මැයි මාසය දක්වා ජනාධිපති සිරිසේනට සිය ධූර කාලය දැරියහැකි නොවේදැයි ශ්රේෂ්ඨාධිකරණ මත විමසීමක් නැවත සිදුකිරීමට ශ්රී ලංකා නිදහස් පක්ෂය සූදානම් වෙයි.
ශී්ර ලංකා පොදුජන පෙරමුණ සමග ඇති කර ගැනීමට අපේක්ෂා කරන නව සන්ධානය සම්බන්ධයෙන් හෙට (24) රැස්වන මධ්යම කාරක සභාවේදී වැදගත් තීරණ කිහිපයකට එළඹෙන බව ශී්ර ලංකා නිදහස් පක්ෂය පවසයි.
The Sri Lanka Podujana Peramuna (SLPP) yesterday said they will kick off a fresh discussion this week with the Sri Lanka Freedom Party (SLFP) to work together to support their presidential candidate who is due to be announced on 11 August.
ජාතික නායකයින්ගේ හිඟයක් පවතින වකවානුවක කළුතර දිස්ත්රික්කයෙන් ජනාධිපතිවරයෙකු බිහි කිරීමට මෙවර ද අවස්ථාව උදා වී ඇති බව සිහල රාවය සංවිධානයේ මහලේකම් පූජ්ය මාගල්කන්දේ සුදත්ත හිමියන් ඊයේ (21) පවසා තිබේ.
ශ්රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්රී ලංකා පොදුජන පෙරමුණ අතර සන්ධානය ගොඩනැංවීමට කලින්ම ශ්රී ලංකා පොදුජන පෙරමුණ සිය ජනාධිපතිවරණ අපේක්ෂකයා නම් කරන්නේ නම් තම පක්ෂයටත් යම් තීන්දුවකට එළඹීමට සිදුවන බව ශ්රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි.
ඉදිරියේ පැවැත්වෙන මැතිවරණ සඳහා 2019 වසරේ ලියාපදිංචි ඡන්ද නාම ලේඛනය වෙනුවට 2018 වසරේ ලියාපදිංචි ඡන්ද නාම ලේඛනය උපයෝගී කර ගැනීම සඳහා කුමන්ත්රණයක් ක්රියාත්මක වන බව ශ්රී ලංකා පොදුජන පෙරමුණ පවසයි. ඒ හරහා පළමු වරට සිය ඡන්දය භාවිතා කිරීම සඳහා බලාපොරොත්තුවෙන් සිටින තරුණ තරුණියන් ලක්ෂ තුන හමාරකගේ ඡන්ද අයිතිය උල්ලංඝනය වීමක් සිදුවන බවයි එම පක්ෂය පවසන්නේ.
ඉන්දියානු “World Icon Award” සම්මාන උළෙල (21) බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේදී විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් පැවැත්විණි.
ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන අපේක්ෂකයා සම්බන්ධයෙන් ඒක මතික තීරණයකට එළඹීමට එක්සත් ජාතික පක්ෂයට හැකි වී තිබෙනවා. ඒ, ඊයේ (22) පස්වරුවේ අරලියගහ මන්දිරයේ පැවති එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදීයි.
අමාත්ය මංගල සමරවීර මහතා පසුගිය දිනවල සිදුකළ ප්රකාශ සහ ඔහුගේ ඇතැම් ක්රියාමාර්ග, සමරවීර මහතාගේ පැරණි දේශපාලන සගයෙකුට බරපතල ගැටලුවක් බවට පත්ව තිබේ. ඒ අන් කවරෙකුවත් නොව හිටපු ජනාධිපති, වත්මන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාය.
තමන් කිසිම හේතුවක් මත එක්සත් ජාතික පක්ෂයට එක්නොවන බවත් වමේ පුද්ගලයකු වන තමන් මැරෙන තුරාවට ශ්රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන බව පාර්ලිමේන්තු මන්ත්රී කුමාර වෙල්ගම පවසයි.
Page 532 of 557