Friday, October 18, 2024
Follow Us
ජනපති, අගමැතිටත් නඩු පවරන්න

පාස්කු ඉරිදා ප‍්‍රහාරය වළක්වා ගැනීමට නොහැකිවීම සම්බන්ධයෙන් පහළ නිළධාරීන්ට පමණක් නඩු පැවරීම ප‍්‍රමාණවත් නොවන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. පාර්ලිමේන්තු මන්තී‍්‍ර බිමල් රත්නායක පැවසුවේ ආණ්ඩුවේ සහ ආරක්ෂාව භාර ප‍්‍රධානීන්ට ද ඒ සම්බන්ධයෙන් නඩු පැවරිය යුතු බවයි.

ප‍්‍රහාරය එල්ල වි මාස 02ක් ගතවී ඇතත් තුවාල ලැබූ සහ පවුලේ ප‍්‍රධානියා අහිමිවූ පිරිස් වෙනුවෙන් මූල්‍ය ආධාර ලබා දීමේ වැඩපිළිවෙළක් සකස් කර නොමැති බවද පාර්ලිමේන්තු මන්තී‍්‍ර බිමල් රත්නායක පෙන්වා දුන්නා.

(Neth)