Friday, October 18, 2024
Follow Us
බදියුදීන් ද නැවත දීවුරුම්දීමේ ඉඩකඩ ඇති බව කියයි

පාර්ලිමේන්තු මන්ත‍්‍රී රිෂාඞ් බදියුදීන් නැවත අමාත්‍ය ධුරය භාරගැනීමට කටයුතු කළහොත් ඔහුට එරෙහිව යළි විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත‍්‍රී කණ්ඩායම තීරණය කර තිබෙනවා.

කබීර් හෂීම් සහ අබ්දුල් හලීම් ඊයේ (19) යළි අමාත්‍ය ධුරවල දිවුරුම් දුන් අතර ඒ පිළිබඳ අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් ද සොයිසා මේ බව කියා සිටියා.

එහිදී "මාසයක් යන්න කලින් කිසිදු පරීක්ෂණයකින් තොරව නැවත කබීර් හෂීම් සහ තවත් අයෙක් දිවුරුම් දුන්නා. මේ නාට්‍යයම තිලක් මාරපන, රවී කරුණානායක, විජයකලා මහේෂ්වරන් සිද්ධිවලදී සිදු වූවා සේම සියලු දෙනා ලබන සතිය වෙනකොට දිවුරුම් දෙනවා. රිෂාඩ් බදියුදීන් මන්ත්‍රිවරයා නැවත ඇමතිවරයෙක් විදිහට යළිත් දිවුරුම් දීමට බොහෝ සේ ඉඩකඩ තියෙනවා." යනුවෙන් සඳහන් කළා.

(Neth)