Tuesday, February 17, 2026
Follow Us
එජාප සංවිධායක ධුර ලබන මන්ත‍්‍රීන් ගැන ශ‍්‍රීලනිපය තදින්

එක්සත් ජාතික පක්ෂයේ නව ආසන සංවිධායකවරුන් ලෙස පත් කිරීමට නියමිත ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත‍්‍රීවරුන් පස් දෙනා සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මධ්‍යම කාරක සභාව රැස් කර දැඩි තීරණයක් ගැනීමට එම පක්ෂය සූදානම් වෙයි.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ ඊයේ (20දා) පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර මහතා මේ බව සඳහන් කළේය.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත් විජයමුණි සොයිසා මහතා ඇතුළු මන්ත‍්‍රීවරුන් පස් දෙනකුට සංවිධායක ධුර පිරිනැමීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කළේ පෙරේදා (19 වැනිදා පැවති කෘත්‍යාධිකාරී මණ්ඩලයේ දීය.

(Lanka Leads)