Friday, October 18, 2024
Follow Us
පාඨලීට සහ විජිතමුණිට එජාපයේ දොර ඇරෙයි

එක්සත් ජාතික පෙරමුණට සහය පළකිරීමට දායක වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සහ සෙසු පක්ෂ නියෝජිතයින්ට ආසන සංවිධායක ධූර ලබා දීමට 19 පැවති එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී තීරණයක් ගෙන තිබේ.

පසුගිය ඔක්තෝම්බර් 26 දේශපාලන පෙරළියේදී නැවත එක්සත් ජාතික පෙරමුණේ බලය තහවුරුකරගැනීම වෙනුවෙන් ප්‍රජාත්නත්‍රවාදී ප්‍රවාහය තුළ හිඳිමින් කටයුතු කිරීම ඇතුළු ආණ්ඩුව වෙනුවෙන් කළ මැදිහත්වීම වෙනුවෙන් මෙලෙස ආසන සංවිධායක ධූර ලබා දීම සම්බන්ධයෙන් සාකච්ජා කර ඇත.

ඒ අනුව ජාතික හෙළ උරුමයේ මහ ලේකම් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට මහරගම ආසන සංවිධායක ධූරයත් විජිත් විජයමුණි සොයිසා මහතාට කටාන ආසන සංවිධායක ධූරයත් ලබා දීම පිළිබඳ අවධානය යොමුව ඇති බව සඳහන්.

එමෙන්ම ඇතැමුන් එම තීරණයට එරෙහිවද අදහස් පළකර තිබුණි.

මෙම කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාකච්ජාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මැති ඇමතිවරු පැවසුවේ පක්ෂයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී සාකච්ජා කළ අතර ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ද අදහස් දැක්වීය.

ඉදිරි ජනාධිපතිවරණයේදී සියලු දෙනාට එකඟ විය හැකි එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බවද ඔවුන් සඳහන් කළේය.

නම් ගණනාවක් ඉදිරිපත්ව ඇති අතර නිවැරදි වෙලාවට නිවැරදි කෙනා ඉදිරිපත්කරන බව ඔවුන් ප්‍රකාශ කළේය.

නව ආසන සංවිධායක තනතුරු සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත තීන්දුවක් ගෙන නොමැති අතර මේ පිළිබඳව අගමැතිවරයා තීන්දුවක් ගනු ඇත.

(LNW)