Friday, October 18, 2024
Follow Us
ගෝඨාභයට දුන් කාලය තවත් දීර්ඝ කරයි

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂට විදෙස්ගතව ප‍්‍රතිකාර ලබාගැනීමට දුන් කාලය ලබන මස 24 වැනිදා තෙක් දීර්ඝ කිරීමට ති‍්‍රපුද්ගල මහාධිකරණය අද (19) නියෝග කළා.

ඒ, ඞී ඒ රාජපක්‍ෂ කෞතුකාගාරය ඉදිකිරීමට රජයේ මුදල් රුපියල් මිලියන 33.9 ක් සාවද්‍ය පරිහරණය කළ බවට වූ සිද්ධියට අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේදීයි.

එහිදී හිටපු ආරක්‍ෂක ලේකම්වරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්රි ති‍්‍රපුද්ගල මහාධිකරණයට දන්වා සිටියේ තම සේවාදායකයා ඉකුත් 31 වැනිදා සිංගප්පූරුවේ රෝහලකදී හෘද සැත්කමකට භාජනය කර ඇති බවයි.

එබැවින් තම සේවාදායකයාට අද දිනයේ විභාගයට ගැනීමට නියමිත නඩු කටයුතු සඳහා සහභාගිවීම නොහැකි බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ අදාළ සැත්කමින් පසු රෝහලෙන් පිටව ගොස් ඇති බවත් සති 6 ක කාලයක් පුනරුත්ථාපන වෛද්‍ය ප‍්‍රතිකාර ලබාගැනීමට වෛද්‍යවරුන් නිර්දේශ කර ඇති බවත් මෙහිදී දැනුම් දුන් බවයි නෙත් නිවුස් අධිකරණ වාර්තාකරු සඳහන් කළේ. ඒ අනුව අදාළ නඩුව ජූලි මස 26 වැනිදා තෙක් කල් දැමීමටයි විනිසුරු මඩුල්ල නියෝග කළේ.

(Neth)