Friday, October 18, 2024
Follow Us
නව මුස්ලිම් නායකත්වයක් ගැන මහින්දගෙන් ඉගියක්

නව මුස්ලිම් නායකත්වයක් බිහි කිරීමට කටයුතු කරමින් සිටින බවත් එම නායකත්වය වටා සියලුම මුස්ලිම් ජනතාව ඒකරාශී කරන බවත් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඊයේ (20) පස්වරුවේ පැවති ආගමික උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්ෂනායකවරයා මේ බව සඳහන් කළේය.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජන්ම දිනය වෙනුවෙන් ඒ මහතාට ආශිර්වාද පතා බෝධිපුජා පිංකමක් බෙල්ලන්විල රජමහා විහාරයේදී විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ සිදු කෙරුණි.

තම පක්ෂයේ අපේක්ෂකයා පිළිබඳව තවමත් තීරණයක් ගෙන නොමැති බවත් ජයග්‍රහණය කළ හැකි අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බවත් ඒ මහතා ප්‍රකාශ කර සිටියේය.

(Lanka Leads)