Friday, October 18, 2024
Follow Us
කිසිම දැනුම් දීමක් නෑ… මට විපක්‍ෂයේ ආසනයක් දීලා

කිසිදු දැනුම් දීමකින් තොරවම තමන්ට විපක්ෂයේ අසුනක් ලබාදී ඇතැයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

දින පනස් දෙකේ ආණ්ඩු පෙරළියෙන් පසුව නැවත එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව පත්වූ පසුව තමන්ට ලබාදී තිබුණේ විපක්ෂ ආසනයක් බවද හෙතෙම සඳහන් කළේය.

එම ආසනය ලබාදීමට පෙර තමන්ගෙන් ඒ පිළිබඳ කිසිදු විමසීමක් හෝ දැනුවත් කිරීමක් නොකළ බවද ඒ මහතා කියා සිටියේය.

තමන් ද ඒ පිළිබඳව විමසීමක් නොකළ බවත් ඒ ගැන පැමිණිල්ලක් නොකරන බවත් කී ඒ මහතා තමන් කුමන පාර්ශ්වයක සිටිය ද තම කාර්යය නිසි ලෙස සිදුකරන බවද වැඩිදුරටත් සඳහන් කළේය.

(Lanka Leads)