කම්කරු දෙපාර්තමේන්තුවට වසර සියයක් සම්පූර්ණවීම නිමිත්තෙන් නිකුත් කරන ලද සියවස් සමරු මුද්දරය ඊයේ (21) එළි දක්වනු ලැබූ අතර එහි පළමු මුද්දරය හා මුල් දින කවරය කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා විසින් 1994 වසරේ සිය 2000 වසර දක්වා කම්කරු ඇමැතිවරයා වශයෙන් කටයුතු කළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත ප්‍රදානය කරනු ලැබුවේය.
හොඳින් හෝ නරකින් ආර්ථිකය, රට සහ ජනතාව ගොඩ නැගීමට පියවර ගන්නා බවත් ඊට අවශ්‍ය තීන්දු නොබියව ගැනීමට කටයුතු කරන බවත් ඒ සඳහා අවශ්‍ය බලය සහ මඟ පෙන්වීම ජනාධිපතිවරයා ලබා දී ඇති බවද කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වාර්ෂික ගෘහස්ථ ක්‍රීඩා තරඟාවලියේ ජයසංකේත සහ සහතික පත් ප්‍රදානය ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ කථානායක මහින්ද යාපා අබේවර්ධන යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ බිලියඩ් ශාලාවේදී පසුගියදා (13) පැවැත්විණි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නව නායකත්වය සඳහා එම පක්ෂයේ හිටපු නායක සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නැවත වරක් තෝරා පත් කරගැනිණි.
ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් පක්ෂ ගණනාවකින් තමන්ට ආරාධනා ලැබී තිබුණත් තවම කිසිවෙකු හෝ බැඳී නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කළේය.
අද රටේ පවතින ප්‍රධානම ප්‍රශ්නය ඩොලර් ප්‍රශ්නය බවත්, ඩොලර් ලබා ගැනීමට හැකි වුවහොත් රට ගොඩනැඟීම අපහසු කාර්යයක් නොවන බවත්, ඒ සඳහා අපි බලයට පත්වූ විට රට ඩිජිටල් අපනයන කේන්ද්‍රීය විප්ලවයකට යොමු කරන බවත් පැවසූ සමගි ජන බලවේගයේ නායක හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, ඒ තුළින් බියගම නිදහස් වෙළෙඳ කලාපයත් ඩොලර් උපදවන මධ්‍යස්ථානයක් බවට පත්කරන බවද පැවසීය.
වැට් බදු ආදී අධික බදු බර පටවා රටේ බහුතර ජනතාව දරිද්‍රතාවට පත් කිරීම නිසා රටේ තරුණ පරපුර නන්නත්තාර වී ඇතැයි විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.
නව අයවැය ප්‍රතිපාදන යටතේ දිවයින පුරා සියලු සංවර්ධන කටයුතු කඩිනම් කරන්නැයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සියලු ආණ්ඩුකාරවරුන්ට සහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන්ට උපදෙස් දෙනු ලැබීය.
2023 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම දින නියමයක් නොමැතිව කල් තැබීම හේතුවෙන් පැන නැගී ඇති ගැටලු විසඳීම සඳහා කමිටුවක් පත් කිරීම යෝග්‍ය බවට මැතිවරණ කොමසාරිස් ජනරාල් විසින් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය වෙත දැනුම් දී ඇත.
අනවසර ඉදිකිරිම් වැළැක්වීම සඳහා පළාත් පාලන පනතට ඉදිරියේදී සංශෝධන කිහිපයක් ගෙන එන බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසයි.
ඩයස්පෝරාව නියෝජනය කළ පමණින් යමෙකු අන්තවාදියෙකු හෝ ශ්‍රී ලාංකික විරුද්ධවාදියකු නොවන බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා පැවසීය.
පාර්ලිමේන්තුවේ 225 දෙනාම එකට එකතු වී දූෂිත වංචාකාරි ක්‍රිකට් පරිපාලනය වෙනස් විය යුතු බවට යෝජනාවක් සම්මත කළත් හිටපු පත් කරපු අන්තර්වාර කමිටුව ක්‍රීඩා ඇමැතිවරයා ඉල්ලා අස්කර ගත් නිසා නැවතත් ක්‍රිකට් පරිපාලනය දූෂිත කල්ලිය අතට ගොස් ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවසීය.
Page 43 of 553