Friday, May 03, 2024
Follow Us
පාර්ලිමේන්තු මැතිවරණය ලබන වසරේ

පාර්ලිමේන්තු මහ මැතිවරණය ලබන වසරේදී (2025) පැවැත්වීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

ජනාධිපතිවරණය නියමිත කාල සීමාව තුළ පැවැත්වෙන බවත්, වත්මන් කාලරාමුවට අනුව, මහ මැතිවරණය ලබන වසරේදී පැවැත්වෙන බවත් ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. 

මහ මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය වන මූල්‍ය ප්‍රතිපාදන 2025 අයවැය මගින් ලබාදීමට නියමිත බවත්, මැතිවරණ පැවැත්වීමේ වගකීම මැතිවරණ කොමිෂන් සභාව සතු කටයුත්තක් බවත්, අවශ්‍ය අවස්ථාවන්හිදී රජය මැතිවරණ කොමිෂන් සභාව සමග සම්බන්ධ වී කටයුතු කරනු ඇති බවත් ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කරයි.