Friday, May 03, 2024
Follow Us
ජාත්‍යන්තර සබඳතා මෙරටට අතිශය වැදගත්- කම්කරු හා විදේශ රැකියා ඇමැති

ජාත්‍යන්තර ප්‍රජාව අතර ශක්තිමත් සම්බන්ධතා පවත්වාගෙන යාම මෙරටට අතිශය වැදගත් බවත් එම සම්බන්ධතා ඉදිරියේදී තවදුරටත් වර්ධනය කිරීමට පියවරගන්නා බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා අවධාරණය කළේය. 

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් නිදහස් දිනය නිමිත්තෙන්  පවත්වන ලද රාජ්‍ය තාන්ත්‍රික උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව අවධාරණය කළේය. 

මෙම සැමරුම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි හී ෂැංග්‍රි-ලා හෝටලයේදී පැවැත්විණි. මෙම අවස්ථාවට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පිහිටි විදේශ තානාපති කාර්යාල 120 ක පමණ ප්‍රධානීහූ එක්ව සිටියහ. 

මෙම අවස්ථාවට සම්භාවනීය අමුත්තන් ලෙස අජ්මාන් රාජකීය පවුලේ සාමාජිකයෙකු වන ෂෙයික් හුමයිඩ් බින් රෂීඩ් අල් නුඅයිමි සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජාත්‍යන්තර සංවර්ධන කටයුතු සඳහා විදේශ කටයුතු සහ ජාත්‍යන්තර සහයෝගිතා සහකාර අමාත්‍ය සුල්තාන් අල් ෂම්සි එක් වූහ.