Friday, August 07, 2026
Follow Us
Political

සමග ජන බලවේගයේ පෙළපාළියට  කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළේ නොහික්මුණු මිනිසුන් හික්මීමක් ඇති පිරිසක් බවට පත්කර ගැනීමට  යැයි  සංචාරක රාජ්‍ය ඇමතිනී  ඩයනා ගමගේ මහත්මිය පැවසුවාය.

Political

පුත්තලම මැතිවරණ කොට්ඨාසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු සනත් නිශාන්ත මහතාගේ මිය යාම හේතුකොට ගෙන 2024 ජනවාරි 25 වැනි දින සිට නව වැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීධුරයක පුරප්පාඩුවක් ඇති වී තිබෙන බව පාර්ලිමේන්තුවේ මහලේකම් වෙනුවෙන්, පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී චමින්ද කුලරත්න මහතා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් දන්වා තිබේ.

Political

මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් මිලියන, බිලියන ගණනක ධනය අපට මඩ ගැසීමට වියදම් කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසීය. කොළඹ දකුණ ප්‍රදේශයේ ප්‍රජා පොලිස් කමිටු දැනුවත් කිරීම සඳහා  පසුගියදා නෙළුම් පොකුණ රඟහලේදී පැවති විශේෂ වැඩමුළුවකදී අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

Political

වාරි මාර්ග සහ ජල සම්පාදන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

Political

නව සන්ධානයක මංගල මහජන රැළිය හෙට (27) ජා ඇල නගර මධ්‍යයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති බව වාර්තා වෙයි .

Political

විපක්ෂය කුමන විවේචන එල්ල කළ ද රජයේ නව ආර්ථික ප්‍රතිසංස්කරණවල සුබවාදී ප්‍රතිඵල ඉදිරියේදී ජනතාවට අත්දකින්නට ලැබෙන බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා පැවසීය.

Political

අනාගතයේ දී රටට නිවැරදි දේශපාලන නායකත්වයක් ලබාදිය හැකි දක්ෂයින් පිරිසක් ශිෂ්‍ය පාර්ලිමේන්තු තුළින් ගොඩනැගෙමින් සිටින බව ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා පැවසීය.

Political

පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතාගේ අභාවය හේතුවෙන් පුරප්පාඩු වන පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මනාප ලැයිස්තුවේ මීළඟට සිටින හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු වූ එල්.කේ. ජගත් ප්‍රියංකර මහතා සුදුසුකම් ලබා තිබේ.

Political

අතුරුගිරිය මංසන්ධියේ පවතින රථ වාහන තදබදය වැළැක්වීම කඩිනමින් අරඹ්භ කරන බව  ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

Political

අභාවප්‍රාප්ත සනත් නිශාන්ත මහතාගෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය වෙනුවෙන් ඇල්. කේ. ජගත් ප්‍රියංකර පාර්ලිමේන්තුවට තෝරා පත්කර තිබේ.

Political

පසුගිය කාලය තුළ පාර්ලිමේන්තුව විසින් සම්මත කරනු ලැබූ පනත් කෙටුම්පත් 04ක් සඳහා ඊයේ (23) සිය සහතිකය සටහන් කළ බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (24) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.

Political

සියලු ව්‍යපාර වැට් බදු ගෙවීමට යටත් කලොත් පොත්පත් සියල්ලේ වැට් බද්ද අඩු කළ හැකි බව ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

Political

වැවිලි කර්මාන්ත සහ මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ලොහාන් රත්වත්තෙ මහතා මීට සුළු මොහොතකට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි

Political

ඊයේ (23) සහ අද (24) පාර්ලිමේන්තුවේදී විවාදයට ගැණුනු මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ  පනත් කෙටුම්පත වැඩි ඡන්දයෙන් පාර්ලිමේන්තුවේදී අද (24) සම්මත විය.

Political
  • අඩපණ වූ සංවර්ධන කටයුතු පෙබරවාරි මාසයේ යළි අරඹනවා – පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන.

රට යළි ගොඩනැගීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන වැඩපිළිවෙළ හැර වෙනත් විකල්පයක් නොමැති බවත් එබැවින් සියලු පක්ෂ බේද පසෙකලා එම වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට දායක විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය.

Political

ඊයේ (26) මධ්යම රාත්රියේ සිට ක්රියාත්මක වන පරිදි පාර්ලිමේන්තු වාර අවසාන කර තිබෙන ජනාධිපතිවරයා දන්වා සිටින අතර පාර්ලිමේන්තුවේ මීළඟ වාරය එළඹෙන පෙබරවාරී 07 වැනිදා පෙ.ව 10.30 ට ආරම්භ කරන ලෙස ප්රකාශයට පත් කොට ඇත.

Political

දුප්පත් අහිංසක ජනතාවගේ බදු මුදලින් වැටුප් ලබා, ඔවුන් වෙනුවෙන් සේවය කිරීමේ වගකීමෙන් බැහැරවීමට රාජ්‍ය සේවකයාට නොහැකි බව වාරිමාර්ග, වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

Political

ආර්ථිකය ගොඩනඟා රට ස්ථාවර කිරීමට වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට නැවත අවස්ථාවක් ලබාදිය යුතු බව ආණ්ඩුපක්ෂ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.