කණ්ඩායම් දෙකක් අතර තිබෙන අරගලයක් නිසා මෙරට ක්‍රිකට් ක්‍රීඩාව පිරිහී ගිය බවත්, දේශපාලන අතපෙවීමකින් තොරව ක්‍රිකට් ක්‍රීඩාව ආරක්ෂා කර ගැනීමට සියලුදෙනා වෙත වගකීමක් පැවරී ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ඉදිරියේදී පැවැත්වෙන ඕනෑම මැතිවරණයක් වෙනුවෙන් රුපියල් බිලියන 10ක ප්‍රතිපාදන වෙන්කර තිබෙන අතර එය අයවැය යෝජනා තුළ ඉදිරිපත් නොකළ ද ඇස්තමේන්තු සඳහා ඇතුළත් කර තිබෙන බව වැවිලි, ව්‍යවසාය ප්‍රතිසංස්කරණ කැබිනට් නොවන අමාත්‍ය සහ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.
සල්ලි කඳන්වල රූකඩ බවට පත්වන මැතිවරණ ක්‍රමය වෙනස් කර සෑම මන්ත්‍රීවරයෙකුටම මැතිවරණ ආසනයක් ලැබෙන අනුපාත ඡන්ද ක්‍රමයද අන්තර්ගතවන, නව පාර්ලිමේන්තු ඡන්ද ක්‍රමයක් ඇති කිරීමට සියලු දෙනා එක්වන්නයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (22) පාර්ලිමේන්තුවේදී පැවසීය.
ආර්ථිකය නැවත කඩා වැටීමේ අවධානමක් නැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා අද (21) පාර්ලිමේන්තුවේ දී පැවසීය.
ප්‍රධාන නිෂ්පාදන සාධකයක් වන ඉඩම් අනිසි ලෙස රජය යටතේ තබාගැනීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටද පටහැනි ක්‍රියාවක් බවත්, 2024 අයවැය යෝජනා හරහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම වරද නිවැරදි කර තිබෙන බවත් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය.
2024 වර්ෂය සදහා වන විසර්ජන පනත් කෙටුම්පත කාරක සභා අවස්ථා විවාදයේ පළමු දිනය වන අද (22) විවාදයට ගැණුනු ගරු ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය වැඩි ඡන්ද 59කින් සංශෝධන සහිතව සම්මත විය.
රටේ දරුණු ආර්ථික අර්බුදයක් අනාගතයේ නැවත ඇති නොවීමට විධිමත් ආර්ථික කළමනාකරණයක් සහිත අයවැයක් මෙවර ඉදිරිපත් කර තිබෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කළේය.
අද දින පාර්ලිමේන්තුව ආරම්භ කරමින් කතානායකවරයා ප්‍රකාශ කළේ ඊයේ (21) දින සභාවේ සිදුවු විනය විරෝධී ක්‍රියාව බරපතළ ලෙස තමා හෙළා දකින බවයි.
පාර්ලිමේන්තුව දෙසැම්බර් 10 ඉරිදා රැස්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කරයි - වැට් (සංශෝධන) පනත් කෙටුම්පත සහ මුදල් පනත් කෙටුම්පත දෙවැනිවර කියැවීමේ විවාදය එදින පැවැත්වීමට එකඟත්වය
අද (22) පාර්ලිමේන්තුව පෙ.ව. 09.30 ට රැස් වූ අතර, පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.00 දක්වා මන්ත්රීවරයන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්රශ්න සඳහා කාලය වෙන්කර ඇත.
ජාතික තරුණ සේවා සභාව විසින් සංවිධානය කළ පස්වන ජාතික තරුණ පාර්ලිමේන්තුවේ 05වන සැසිවාරය නොවැම්බර් 18 සහ 19 දෙදින ජනාධිපති ලේකම් කාර්යාලයේ පැරණි පාර්ලිමේන්තු සභා ගර්භයේ දී පැවැත්විණි.
මෙරට පවතින ආර්ථික අර්බුදය වෙනුවෙන් කෙටි කාලීන විසඳුම් නොමැති බවත් ඒ සඳහා දිගු කාලීන ඉලක්කගත වැඩපිළිවෙලක් ඔස්සේ ඉදිරියට යායුතු බවත් විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා පවසයි.
Page 41 of 547