Wednesday, August 27, 2025
Follow Us
උද්දික ප්‍රේමරත්න මහතා මන්ත්‍රී ධුර‍යෙන් ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තුව වෙත භාර දෙයි
ශ්රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින්, අනුරාධපුර දිස්ත්රික්කයෙන් පාර්ලිමේන්තුවට පිවිසි මන්ත්රී උද්දික ප්රේමරත්න මහතා සිය පාර්ලිමේන්තු මන්ත්රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තුවේ නියෝජ්ය මහලේකම් චමින්ද කුලරත්න මහතා වෙත අද (27) භාර දී තිබේ.

 මේ අනුව 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 64(1) වගන්තිය ප්රකාරව නවවැනි පාර්ලිමේන්තුවේ පාර්ලිමේන්තු මන්ත්රී ගරු උද්දික ප්රේමරත්න මහතාගේ අසුන හිස්ව ඇති බව පාර්ලිමේන්තු මහලේකම්වරිය විසින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත දැනුම් දීමට නියමිතය.