Monday, April 29, 2024
Follow Us
නව සන්ධානයක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ නව සන්ධානය ලබන සතියේ දී පිහිටුවීමට පියවර ගන්නා බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

 ඔහු මේ බව සඳහන් කළේ, එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඊයේ (01) රැස්වීමෙන් අනතුරු ව මාධ්‍යය වෙත අදහස් දක්මිනි.

 ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දුෂ්මන්ත මිත්‍රපාල මන්ත්‍රීවරයා සඳහන් කළේ, පොදුජන එක්සත් පෙරමුණේ ව්‍යවස්ථාව මේ වන විට සංශෝධනය කර ඇති බැවින් ඉදිරියේ දී නිලධාරී මණ්ඩලය පත් කිරීමට පියවර ගන්නා බවයි.