Wednesday, August 27, 2025
Follow Us
උතුරු සහ වයඹ පළාත් සඳහා නව ප්‍රධාන ලේකම්වරුන් පත් කරති

උතුරු සහ වයඹ පළාත් සඳහා නව ප්‍රධාන ලේකම්වරුන් පත් කළ බව ජනාධිපති කාර්යාලය පවසයි.

උතුරු පළාත් නව ප්‍රධාන ලේකම්වරයා ලෙස එල්. ඉලංගෝවන් ද, වයඹ පළාත් නව ප්‍රධාන ලේකම්වරයා ලෙස දීපිකා කේ. ගුණරත්න ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පත් කර ඇති අතර ඊට අදාළ පත්වීම් ලිපි ජනාධිපති ලේකම් සමන් ඒකනායක විසින් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද බාරදුන්නේය.