මාර්ග ගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනතට විරෝධය පළ කරමින් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා ඇතුළු පිරිසක් මෘත දේහයක් රැගෙන යන අයුරින් බොරැල්ල කනත්තට ඇතුළු වී විරෝධතාවයක් පැවැත්වූහ.
වාරි මාර්ග සහ ජල සම්පාදන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
රජයේ පවත්නා සීමිත මූල්‍ය අවකාශය තුළ 2024 වර්ෂය සඳහා වන අය-වැය ඇස්තමේන්තු මඟින් මේ වසරේදී ජනාධිපතිවරණය හා මහමැතිවරණය පැවැත්වීමට රුපියල් බිලියන 10ක් (කෝටි 1,000ක්) වෙන් කර ඇතැයි කැබ්නට් ප්‍රකාශක, ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
ජනාධිපතිවරයාගේ විදෙස් සංචාර සම්බන්ධයෙන් ඇතැමුන් විවේචනාත්මක ප්‍රකාශ සිදුකළත් ඒ සියලූ ප්‍රකාශ පදනම් විරහිත බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා පැවසීය.
අනාගතයේ දී රටට නිවැරදි දේශපාලන නායකත්වයක් ලබාදිය හැකි දක්ෂයින් පිරිසක් ශිෂ්‍ය පාර්ලිමේන්තු තුළින් ගොඩනැගෙමින් සිටින බව ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා පැවසීය.
පරිසර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සිය අමාත්‍ය ධුරයෙන් ඊයේ (06) ඉල්ලා අස් වූ අතර අමාත්‍යවරයාගේ ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා විසින් භාර ගනු ලැබීය.
අභාවප්‍රාප්ත සනත් නිශාන්ත මහතාගෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය වෙනුවෙන් ඇල්. කේ. ජගත් ප්‍රියංකර පාර්ලිමේන්තුවට තෝරා පත්කර තිබේ.
නව වැනි පාර්ලිමේන්තුවේ පස්වන සභාවාරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (07) පෙරවරු 10.30 ට විවෘත කෙරේ.
• ජාතික ජලශාස්ත්‍රිය පනත් කෙටුම්පතට සහ අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කිරීම පනත් කෙටුම්පතටත් කථානායකවරයාගේ සහතිකය...
පසුගිය ජනවාරි 23 සහ 24 දෙදින පාර්ලිමේන්තුවේ විවාද කිරීමෙන් අනතුරුව සංශෝධන සහිතව සම්මත කරනු ලැබූ මාර්ගගත ක්රිමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පතට අද (01) කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සිය සහතිකය සටහන් කළේය.
වැවිලි කර්මාන්ත සහ මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ලොහාන් රත්වත්තෙ මහතා මීට සුළු මොහොතකට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි
ජනතාවට ලබා දෙන ඔප්පුව සුළු කොට නොසලකන ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.
ජනපති කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනයේ නව ගොඩනැගිලි සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවේ දී පවසයි.
ඊයේ (26) මධ්යම රාත්රියේ සිට ක්රියාත්මක වන පරිදි පාර්ලිමේන්තු වාර අවසාන කර තිබෙන ජනාධිපතිවරයා දන්වා සිටින අතර පාර්ලිමේන්තුවේ මීළඟ වාරය එළඹෙන පෙබරවාරී 07 වැනිදා පෙ.ව 10.30 ට ආරම්භ කරන ලෙස ප්රකාශයට පත් කොට ඇත.
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු පිරිසක් අද (05) ඉන්දියාව බලා පිටත්වේ.
සමග ජන බලවේගයේ පෙළපාළියට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළේ නොහික්මුණු මිනිසුන් හික්මීමක් ඇති පිරිසක් බවට පත්කර ගැනීමට යැයි සංචාරක රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය පැවසුවාය.
පුත්තලම මැතිවරණ කොට්ඨාසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු සනත් නිශාන්ත මහතාගේ මිය යාම හේතුකොට ගෙන 2024 ජනවාරි 25 වැනි දින සිට නව වැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීධුරයක පුරප්පාඩුවක් ඇති වී තිබෙන බව පාර්ලිමේන්තුවේ මහලේකම් වෙනුවෙන්, පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී චමින්ද කුලරත්න මහතා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් දන්වා තිබේ.
Page 33 of 547