Friday, July 05, 2024
Follow Us
‘ ජනපති යටතේ ජාතික ආණ්ඩුවකට සහාය නෑ‘

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යටතේ  ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට කිසිසේත් සහාය නොදීමට සමගි ජනබලවේගය තීරණය කර තිබේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී අද (02) පැවති  කණ්ඩායම් රැස්වීමේදී ඔවුන් මෙම තීරණය ගෙන ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා විසින් මේ සම්බන්ධ  යෝජනාව ඉදිරිපත්  කරනු ලැබීය.එය සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම ඒකමතිකව  අනුමත කර ඇති බවත් පක්ෂ ජ්‍යෙෂ්ඨයෙකු පැවසීය.

Lankadeepa