Monday, July 08, 2024
Follow Us
ජන­පති ධුර කාලය වසර පහයි මැති­ව­රණ කොමි­සම නිවැ­ර­දියි ජනපතිගෙන් සහතිකයක්

මේ වස­රේදී ජනා­ධි­ප­ති­ව­ර­ණ­යක් පැවැ­ත්වීම සඳහා ඉදිරි පිය­වර ගැනීම වළ­ක්වා­ල­මින් අතුරු තහ­නම් නියෝ­ග­යක් නිකුත් කර­න්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණය වෙත පෙත්ස­මක් ගොනු කිරී­මට පෙර තමා­ගෙන් හෝ තමාගේ නීති­ඥ­ව­රු­න්ගෙන් මේ පිළි­බඳ අද­හස් විම­සී­මක් හෝ උප­දෙස් ලබා ගැනී­මක් සිදු කර නැති බව ජනා­ධි­පති රනිල්  වික්‍ර­ම­සිංහ මහතා ප්‍රකාශ කරයි.

තවද ජනා­ධි­ප­ති­ව­ර­යාගේ ධුර කාලය වසර 5ක් වන බවත් 2024 වසරේ ජනා­ධි­ප­ති­ව­ර­ණය පැවැ­ත්වීම සඳහා මැති­ව­රණ කොමි­ෂන් සභාව කට­යුතු කිරීම නිවැ­රදි බවත් යන්න තමාගේ දැඩි ස්ථාව­රය බව ද ජනා­ධි­ප­ති­ව­රයා පව­සයි.

2024 වස­රේදී ජනා­ධි­ප­ති­ව­ර­ණ­යක් පැවැ­ත්වීම සඳහා ඉදිරි පිය­වර ගැනීම වළ­ක්වා­ල­මින් මැති­ව­රණ කොමි­ෂන් සභාවේ සාමා­ජි­ක­යන් වෙත අතුරු තහ­නම් නියෝ­ග­යක් නිකුත් කරන ලෙස ඉල්ල­මින් චමින්ද්‍ර දයාන් ලේනව යන අය විසින් ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණය වෙත ගොනු­කර ඇති පෙත්සම පිළි­බඳ රජයේ අව­ධා­නය යොමුව තිබේ.

අදාළ පෙත්සම ගොනු කර­මින් පෙත්ස­ම්කාර පාර්ශ්වය ඉල්ලා තිබෙන්නේ ශ්‍රී ලංකා ප්‍රජා­තා­න්ත්‍රික සමා­ජ­වාදී ජන­ර­ජයේ ආණ්ඩු­ක්‍රම ව්‍යව­ස්ථාවේ 12(1), 82(6), 3, 4, 118 සහ 125 වගන්ති සමඟ කිය­විය යුතු 126 වැනි වගන්ති ප්‍රකා­රව, ආණ්ඩු­ක්‍රම ව්‍යව­ස්ථාවේ 19 වැනි සංශෝ­ධ­න­යෙහි 3 වැනි වග­න්තිය මඟින් සංශෝ­ධ­නය කරන ලද 30(2) වැනි වග­න්තිය අර්ථ­නි­රූ­ප­ණය නොකළ යුතු බවට වන නියෝ­ග­යක් නිකුත් කරන ලෙසත්, ඒ අනුව ජනා­ධි­ප­ති­ව­ර­යාගේ ධුර කාලය වසර 6ක් බව සැල­කි­ල්ලට ගනි­මින් මැති­ව­රණ කොමි­ෂන් සභාව මීළඟ ජනා­ධි­ප­ති­ව­ර­ණය පැවැ­ත්විය යුතු බැවින් ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණය මඟින් මේ පිළි­බඳ අව­සන් තීන්දුව ප්‍රකා­ශ­යට පත් කරන තුරු 2024 වස­රේදී ජනා­ධි­ප­ති­ව­ර­ණ­යක් පැවැ­ත්වීම සඳහා ඉදිරි පිය­වර ගැනීම වළ­ක්වා­ල­මින් මැති­ව­රණ කොමි­ෂන් සභාවේ සාමා­ජි­ක­යන් වෙත අතුරු තහ­නම් නියෝ­ග­යක් නිකුත් කරන ලෙසත්ය.

ඒ අනුව පෙත්ස­ම්කාර පාර්ශ්වය මෙම පෙත්සම ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණය හමුවේ ගොනු කිරී­මට පෙර තමා­ගෙන් හෝ තමාගේ නීති­ඥ­ව­රු­න්ගෙන් මේ පිළි­බඳ අද­හස් විම­සී­මක් හෝ උප­දෙස් ලබා ගැනී­මක් සිදු කර නැති බව පව­සන ඒ මහතා ජනා­ධි­ප­ති­ව­ර­යාගේ ධුර කාලය වසර 5ක් වන බවත් 2024 වසරේ ජනා­ධි­ප­ති­ව­ර­ණය පැවැ­ත්වීම සඳහා මැති­ව­රණ කොමි­ෂන් සභාව කට­යුතු කිරීම නිවැ­රදි බවත් යන්න තම දැඩි ස්ථාව­රය බව ද කියා සිටියි.