Wednesday, July 03, 2024
Follow Us
මාස තුනකින් අනුර ආණ්ඩු ගන්නවා නම් දැන් ගුරුවරු පාරට බහින්නේ ඇයි?

මාස තුනකින් අනුර ආණ්ඩු ගන්නවා නම් දැන් ගුරුවරු පාරට බහින්නේ ඇයි දැයි කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසීය.

කයියනායකලා, ජෝකර්ලා බේරගන්න බෑ කියපු මේ රට, රනිල් වික්‍රමසිංහ මහතා වසර දෙකක් ඇතුළත ආර්ථික බංකොලොත්භාවයෙන් මුදාගැනීමට කටයුතු කරමින් දුක්විදි ජනතාව සුවපත් කිරීමට කොන්දේසි විරහිතව කටයුතු කළ බවත්, ඒ නිසා රට නිවැරදි දිශානතියකට රැගෙන ගිය ජනාධිපතිවරයාටම නැවත රට භාර දිය යුතු බවත් අමාත්‍යවරා පෙන්වා දුන්නේය.

වත්මන් රජයේ වැඩපිළිවෙළ සහ ඉදිරි ගමන් මඟ පිළිබඳ ජනතාව දැනුවත් කිරීම වෙනුවෙන් ඊයේ (30) මාතර කොටුව ක්‍රිඩාංගණයේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද පැවති ජන හමුව අමතමින් අමාත්‍යවරයා මේ බව පැවසුවේය.