Tuesday, July 02, 2024
Follow Us
ජනාධිපතිවරණය පිළිබඳව මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්

එළඹෙන ජුලි මස 17න් පසුව ජනාධිපතිවරණය පිළිබඳ නිවේදනය ප්‍රකාශ කිරීම සඳහා මැතිවරණ කොමිසමට බලය ලැබෙන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් රත්නායක පවසයි.

ඒ අනුව කොමිසම මැතිවරණ දින ප්‍රකාශයට පත් කරන බවද සඳහන් කළේය.

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් රත්නායක අද (29) මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව සඳහන් කළේ ඒ අනුව කොමිසම මැතිවරණ දින ප්‍රකාශයට පත් කරන බවයි.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ මැතිවරණ කොමිසම ඕනෑම මැතිවරණයකට සූදානම් බවත් මෙම මැතිවරණය සඳහා 2024 ජන්ද හිමි නාමලේඛනය උපයෝගී කරගැනීමට හැකි බවද සමන් රත්නායක පැවසයි.

Aruna