Saturday, October 05, 2024
Follow Us
දයා­සිරි පාරේදී වැඩ භාර ගනී

ශ්‍රී ලංකා නිද­හස් පක්ෂයේ නීත්‍ය­නු­කූල මහ ලේක­ම් ලෙස කට­යුතු කිරී­මට අධි­ක­ර­ණය විසින් දී ඇති අව­ස­ර­යට අනුව වැඩ භාර ගැනී­මට පැමි­ණි­යද පක්ෂ කාර්යා­ලය ඉබි­ය­තුරු යොදා වසා­දමා තිබීම හේතු­වෙන් පාර්ලි­මේන්තු මන්ත්‍රී දයා­සිරි ජය­සේ­කර මහ­තාට පක්ෂ කාර්යා­ලය ඉදි­රි­පිට මාර්ග­යේදී වැඩ භාර ගැනී­මට ඊයේ (5) සිදු විය.

අධි­ක­රණ අව­ස­රය රැගෙන ශ්‍රී ලංකා නිද­හස් පක්ෂ මූල­ස්ථා­න­යට ඇතුළු වීමට දයා­සිරි ජය­සේ­කර මහතා ඇතුළු පිරිස උත්සාහ කළත්, එහි ආර­ක්ෂා­වට යොදවා සිටි පොලිස් නිල­ධා­රීහු ඊට ඉඩ නොදුන්හ. ඉන් පසුව දයා­සිරි ජය­සේ­කර මහතා අධි­ක­රණ තීන්දුව ශ්‍රී ලංකා නිද­හස් පක්ෂ කාර්යා­ල­යට ඇතුළු වන ප්‍රධාන දොර­ටු­වෙහි අලවා, මාර්ගය ඉදි­රි­පිට සිට වැඩ භාර ගැනීම සිදු කළේය.

ශ්‍රී ලංකා නිද­හස් පක්ෂ කාර්යා­ලය අසල මෙන්ම ඩාලි පාර ආශ්‍රි­ත­වද පොලි­සිය, විශේෂ කාර්ය බළ­කාය, පොලිස් කැරලි මර්දන ඒක­කය ඇතුළු අංශ ගණ­නා­වක් නියෝ­ජ­නය කරන බළ ඇණි­ව­ලට අයත් විශාල පිරි­සක් ආර­ක්ෂාව වෙනු­වෙන් යොදවා තිබිණි. අධි­ක­රණ නියෝ­ගය පවා නොස­ලකා හරි­මින් සිය වැඩ භාර ගැනී­මට බාධා කර­මින් කට­යුතු කළ පොලි­සි­යට එරෙ­හිව මානව හිමි­කම් කොමි­ස­මට පැමි­ණි­ල්ලක් ඉදි­රි­පත් කරන බව දයා­සිරි ජය­සේ­කර මහතා මෙහිදී කියා සිටි­යේය

Dinamina