Sunday, September 08, 2024
Follow Us
සමහරු දෙන්න එපා කියද්දිත් ගිය සතියේ ගුරුවරු රාශියකට පත්වීම් දුන්නා  -අගමැති

සමහරු දෙන්න එපා කියද්දිත් ගිය සතියේ ගුරුවරු රාශියකට පත්වීම් දුන් බවත් පළාත් පාලන පත්වීම ස්ථිර කළේද අභියෝග මැද බවත් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (08) නාත්තන්ඩිය නගර ශාලාවේ පැවැති  වයඹ පළාතේ ස්ථිර කරන ලද පළාත් පාලන ආයතන සේවකයින් 800ක් සඳහා පත්වීම් ලබාදීමේ අවස්ථාවට එක්වෙමිණි.

එහිදී අදහස් දැක් වූ අග්‍රාමාත්‍යවරයා -

‟වැඩ කරන ජනතාවගේ ජීවන තත්ත්වයන් විවිධයි. වැඩ කරන ජනතාව තම අයිතිවාසිකම් වැඩිදියුණු කර ගැනීම සඳහා දරණ උත්සාහයන් අතර ඔබ අපත් සමග ගැටලුව විසඳගන්න නිරන්තරයෙන් ඉල්ලීම් කළා. කාලයක් කොන්ත්‍රාත් පදනමේ සේවය කළ ඔබ අඛණ්ඩව එය දීර්ඝ කිරීම සිදුකළේ මේ ආඩම්බර දිනය ඔබට ලබා දෙන්නයි.