Monday, July 08, 2024
Follow Us
"මේ වසරේ ජනාධිපතිවරණය ස්ථිරයි" - කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන
ජනාධිපතිවරණය පැවැත්වීම කල්දැමීම සඳහා උසාවියට පෙත්සමක් ඉදිරිපත් කිරීම පිළිබඳව පළව ඇති ප්රවෘත්ති වාර්තා සමඟ මේ තුළින් ජනාධිපතිවරණය කල්දැමීමක් සිදු වේද? යන්න පිළිබඳව සතිපතා පැවැත්වෙන ආයතන ප්රධානී හමුවේදී රාජ්ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාවේ සභාපති කුෂාන් දේවින්ද මහතා මතු කළ ගැටලුවකට පිළිතුරු ලබා දුන් ප්රවාහන මහා මර්ග හා ජනමාධ්ය අමාත්ය අමාත්ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා.
 
"කිසිඳු හේතුවක් මත ආණ්ඩුක්රම ව්යවස්ථාවේ සඳහන් විධිවිධානයන්ට පරිබාහිරව ජනාධිපතිවරණය පිළිබඳව තීරණයක් ගන්නේ නැහැ. කැබිනට් ප්රකාශකවරයා වශයෙන් නිරන්තරයෙන්ම මාධ්යවේදීන් මේ පිළිබඳව මාගෙන් ප්රශ්න කරන බැවින් "යම්කිසි පුද්ගලයෙකු ඔබතුමා විසින් අධිකරණයට යවා උසාවි තීන්දුවක් ලබා ගනිමින් ජනාධිපතිවරණය කල්දැමීමට සැරසෙනවාද?" යන්න පිළිබඳව ජනාධිපතිතුමාගෙන් පුද්ගලිකවම විමසීමක් සිදු කළා. ඉතාමත් පැහැදිලිවම එතුමා ප්රකාශ කළේ කැබිනට් මණ්ඩලය වෙත තමා දැනුම් දී ඇති ආකාරයට, ජනාධිපතිවරයකු ආණ්ඩුක්රම ව්යවස්ථාවට අනුකූලව ජනාධිපතිවරණයකින් ඔක්තෝම්බර් 17 වනදාට පෙර තේරී පත්විය යුතුයි. ඒ අනුව ආණ්ඩුක්රම ව්යවස්ථාවේ විධිවිධාන වලට අනුකූලව ජනාධිපතිවරණයක් පැවැත්වීම සඳහා මුදල් විෂයභාර අමාත්යවරයා ලෙස 2024 වර්ෂයට අයවැයෙන් මූල්ය ප්රතිපාදන වෙන්කර තිබෙනවා. එබැවින් ජනාධිපතිවරණය කල්දැමීම සඳහා කිසිදු අපේක්ෂාවක් නොමැති බව ජනාධිපතිවරයා සහතික කොට ප්රකාශ කර තිබෙනවා.
මෙම සියලු ප්රචාරයන් දේශපාලන වශයෙන් හුදු නිර්මාණය කරන ලද කතන්දර තුළින් ජනතාවගේ ජන මනස විකෘති කර ඒවා පදනම් කරගනිමින් විවිධ උද්ඝෝෂණ වැඩවර්ජන පිකටින් ව්යාපාර ආදී විරෝධතා ව්යාපාර තුළින් රට නැවත අවුල් කිරීම සඳහා කෙරෙන කුමන්ත්රණ. කිසිදු ආකාරයකින් වර්තමාන ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ජනාධිපතිවරණය කල් දැමීමට හෝ කාලය දීර්ඝ කර ගැනීමට කිසිදු අදහසක් නොමැති බවත්, ස්ථීර වශයෙන්ම ජනාධිපතිවරණය පැවැත්වෙන බවත්, ඒ සඳහා අවශ්ය මුදල් වෙන්කර තිබෙන බවත්, දින වකවානු තීරණය කිරීම මැතිවරණ කොමසාරිස්වරයා විසින් ඔහුට පැවරෙන බලතල ප්රකාරව ක්රියාත්මක කිරීම සඳහා පූර්ණ නිදහස ලබා දී ඇති බවත් ප්රකාශ කරනවා. එම නිසා විවිධ පුද්ගලයින්ගේ අසත්ය ප්රචාරයන්වලට ආයතන ප්රධානීන් රැවටිය යුතු නැහැ."