විවාදය සඳහා සජිත් ප්‍රේමදාස මහතා දුන් දිනවලින් ජුනි 6 දිනය අනුර කුමාර දිසානායක මහතා භාරගත් බව ජාතික ජන බලවේගය පක්ෂයේ විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය
ශ්රී ලංකා නිදහස් පක්ෂයේ නව සභාපතිවරයා ලෙස අධිකරණ, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා ව්‍යවස්ථා සම්පාදක කටයුතු අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ඊයේ (12) පත් කර ඇත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පක්ෂ සභාපතිත්වයෙන් ඊයේ (12) ඉල්ලා අස්වී ඇති අතර එම ඉල්ලා අස්වීමෙන් පසුව නව සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ මහතා පත් කරගෙන ඇත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාර්ශ්වය විසින් ඊයේ (12) විධායක සභා රැස්වීම කොළඹ පිහිටි හෝටලයකදී පැවැත් වූ අතර එහිදී මෙම පත් කිරීම සිදු කර ඇත.
මෙරට ආර්ථිකයට අතිශය තීරණාත්මක පනත් කෙටුම්පත් දෙකක් එළඹෙන මැයි 22 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය සැළසුම් කර තිබෙන බව වැඩ බලන මුදල් අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේය.
පාර්ලිමේන්තුව මැයි 22 වැනි බදාදා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය.
පෙර පාසල් ගුරුවරු පුහුණු කිරීමේ ක්‍රමවේදයක් ඉදිරියේදී සකස් කරන බව ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය අද(14) පාර්ලිමේන්තුවේදී පැවසුවාය. දරුවකුට සමාජගතවීම උගන්වන්නේ මෙම පෙරපාසල් අධ්‍යාපනය තුළින් බවත්, එම නිසා පෙර පාසල් අධ්‍යාපනය වඩාත් විධිමත් විය යුතු බව ඇය පෙන්වා දුන්නාය.
වසර දෙකකට පෙර පැවති තත්ත්වයට වඩා 200%කින් රටේ ආයෝජන පරිසරය යහපත් අතට පත් වී ඇති බවත් 2024 වර්ෂය සඳහා මුදල් අමාත්‍යාංශය විසින් ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයට ලබා දී ඇති ඉලක්කය මෙම වසර අවසානය වන විට තෙගුණ කළ හැකි බවත්, ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය.
හිටපු යුද හමුදාපති විශ්‍රාමික ජෙනරාල් මහේෂ් සේනානායක මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී සමගි ජන බලවේගය හා එක්විය.
වතු කම්කරු ප්‍රජාවේ වැටුප් වැඩිකිරීම සඳහා රජය ගෙන ඇති තීරණයට එරෙහිව වතු සමාගම් අධිකරණ ක්‍රියාමාර්ග ගතහොත් ඒ සඳහා මුහුණ දීමට සූදානම් බව ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොන්ඩමන් මහතා පැවසීය.
මුජිබර් රහුමාන් මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස අද (10) කථානායකවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හා ජනාධිපතිවරණ පනතේ දක්වා ඇති නිශ්චිත කාලවකවානු අනුව මෙවර ජනාධිපතිවරණය ද පැවැත්වීම හා දින නියම කිරීම සිදු කෙරෙන අතර එය කිසිසේත් හදිසියේ රජය ගත් තීරණයක් නොවන බවත් අය-වැය මගින් මුල දී ම ඒ සඳහා මුදල් ප්‍රතිපාදන ද වෙන් කර ඇති නිසා ජනාධිපතිවරණය පැවැත්වීම වෙනුවෙන් මූල්‍ය ගැටලුවක් මතු විය නොහැකි බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.
පාර්ලිමේන්තුව මැයි මස 13 වැනි දා සඳුදා, සහ 14 වැනි දා අඟහරුවාදා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණධීර මහත්මිය පැවසුවාය. ඊයේ (09) කථානායක මහින්ද යාපා අබේවර්ධනමහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී එම සතියට අදාළ පාර්ලිමේන්තු කටයුතු තීරණය වී ඇත.
වර්තමාන ආණ්ඩුව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ධූර කාලයේ ඉතිරි කොටස තුළ රට පාලනය කිරීම සඳහා පිහිටුවා ගත් අන්තර්කාලීන වැඩපිළිවෙළක් බවත් එවන් අවස්ථාවක රාජ්‍ය දේපොළ කඩිමුඩිය විකුණා දැමීමෙන් රටට වැඩදායී ප්‍රතිඵලයක් ලබාගැනීමට නොහැකි බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී ඩයනා ගමගේට විදේශගත වීම වළක්වාලමින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (09) තහනම් නියෝගයක් නිකුත් කළේය.
Page 32 of 552