Sunday, September 08, 2024
Follow Us
අපරාධ සහ කුඩු වසංගතය නැති කිරීමට ඇමැති මහින්ද අමරවීරගෙන් යෝජනාවක්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සියලු දෙනා සාමූහිකව කටයුතු කළොත් අපරාධ සහ කුඩු වසංගතය  මේ රටින් තුරන් කළ හැකි බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ (11) පාර්ලිමේන්තුවේදී පැවසීය.

මෙහිදී අදහස් දැක් වූ අමාත්‍යවරයා පැවසුවේ,

වරින් වර පාතාල නායකයෝ මැරුණු අවස්ථාවල පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කී දෙනෙක් ඔවුන් වෙනුවෙන් කතා කරනවද?. නැතිව ඒ වෙනුවෙන් කටයුතු කළ පොලිස් නිලධාරියා වෙනුවෙන් නොවෙයි.  මේ පාර්ලිමේන්තුවේ 225 ම එක මතයක සිට කටයුතු කළොත්, පාතාලය සහ කුඩු වසංගතය නැති කළ හැකියි. සමහර නීතිඥවරුන් පවා ඔවුන් වෙනුවෙන් කතා කිරීමට ඉදිරිපත් වෙනවා.