Friday, October 18, 2024
Follow Us
මාලිමා ආණ්ඩුවක් යටතේ කළු සල්ලිත් අරන් රාජ්‍ය ව්‍යාපෘති අරමුදලක් හදනවා

ජාතික ජන බලවේගය පිහිටුවන ආණ්ඩුවක් යටතේ කළු සල්ලි යෙදවිය හැකි ආකාරයට රාජ්‍ය ව්‍යාපෘති අරමුදලක් ආරම්භ කර ඒ සඳහා ඕනෑම පුද්ගලයකුට මුදල් ආයෝජනය කිරීමේ හැකියාව ඇති කරන බව එහි ජාතික විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පැවැසීය.

මෙතෙක් ආර්ථික ක්‍රියාවලියට එක් නොවූ, ජාතික ආර්ථිකයට දායක නොවූ උපයන ලද මුදල් ජනතාව සතුව ඇති බව ද ඔහු සඳහන් කළේය. එම මුදල් කළු සල්ලි විය හැකි වුවත් රාජ්‍ය ව්‍යාපෘති අරමුදලට එවන් මුදල් ද ඇතුළත් කළ හැකි බවත් සුනිල් හඳුන්නෙත්ති මහතා පැවැසීය.

ලංකාවේ ඕනෑම පුද්ගලයකුට මුදල් ආයෝජනය කළ හැකි ආකාරයට මෙම අරමුදල ආරම්භ කරන බවත් මුදල් ඉපයූ ආකාරය සොයමින් යාමට අවස්ථාවක් නැති බව ද ජාතික ජන බලවේගය පොලොන්නරුවේදී පවත්වන ලද සාකච්ඡාවක් අමතමින් හඳුන්නෙත්ති මහතා පැවැසීය.

Dinamina