Wednesday, August 27, 2025
Follow Us
Political

රටට බත සපයන  ගොවි ජනතාවගෙන් ජල බද්දක් අයකිරීමට රජයේ කිසිදු  අපේක්ෂාවක් නොමැති බව වාරිමාර්ග, වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය  අවධාරණය  කරයි.

Political

කඳුරට දෙමළ ජනතාව මුහුණ දෙන ප්‍රශ්න දෛනික වැටුපට සීමා නොකළ යුතු බවත් ඔවුන්ගේ ජීවන තත්ත්වය නගාසිටුවීම සඳහා නිවාස, ඉඩම්, අධ්‍යාපන, සෞඛ්‍ය හා යටිතල පහසුකම් යන සෑම ක්ෂේත්‍රයක් කෙරෙහිම අවධානය යොමු කළ යුතු බවත් ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා පැවසීය.

Political

කුමන බලපෑම් පැමිණිය ද මත්ද්‍රව්‍ය හා පාතාලය මර්දනය කිරීමට මෙන්ම කාන්තාවන්ට සහ දරුවන්ට සිදුවන හිංසනය වැළැක්වීම අරමුණු කරගනිමින් දියත්කර ඇති කිසිදු මෙහෙයුමක් නැවැත්වීමට සූදානම් නැති බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසීය.

Political
  • ඩිජිටල් ආර්ථික සමුළුව ජූලි මස අවසානයේ ශ්‍රී ලංකාවේදී – තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත්.

ජාතික සයිබර් ආරක්ෂණ පනත (National Cyber Security Act) මෙම වසරේදී ගෙන ඒමට බලාපොරොත්තු වන බවත් අනතුරුව සයිබර් ආරක්ෂණ අධිකාරිය ගොඩනැඟීමට කටයුතු කරන බවත් තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පැවසීය.

Political

මේ රට ගොඩ නැඟීමට සත්භාවයෙන් මැදිහත් වන මිනිස් සමූහයකගේ ක්‍රියාකාරීත්වයක් අවශ්‍ය බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

Political

පාර්ලිමේන්තුව විසින් 2024 පෙබරවාරි 09 දින සම්මත කරන ලද යෝජනා අනුව නවවැනි පාර්ලිමේන්තුවේ පස්වැනි සභාවාරයේ සේවය කිරීම සඳහා, පහත සඳහන් කාරක සභාවලට නම් කරන ලද සාමාජික මන්ත්‍රීවරයන්ගේ නාම ලේඛන නියෝජ්‍ය කථානායක  අජිත් රාජපක්ෂ මහතා අද (22) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.

Political

පාර්ලිමේන්තුව වාර අවසාන කර තිබෙන අවස්ථාවක ව්‍යවස්ථාපිත කරුණක් සඳහා අත්සන් කිරීමේ බලයක් කතානායකවරයාට නොමැති වුවත් කතානායකවරයා මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනතට අත්සන් කළේ පාර්ලිමේන්තුව වාර අවසාන කර තිබියදී බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කොළඹදී පැවැසීය.

Political

දේශපාලනඥයින්ගේ දරුවන් පෞද්ගලික සෞඛ්‍ය සේවා ඔස්සේ ලබා ගන්නා සැලකිල්ල මේ රටේ සෑම දුවෙකුටම පුතෙකුටම රජයේ සෞඛ්‍ය ක්ෂේත්‍රය ඔස්සේ ගැනීමට හැකි පසුබිම සකස් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

Political

සුළු හා මධ්‍ය පරිමාණ ආයෝජකයන් ආරක්ෂා කිරීම වෙනුවෙන් සුරක්ෂිතලත් ගනුදෙනුවලට අදාළ පනත් කෙටුම්පත ගෙන එන බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (20) ප්‍රකාශ කෙළේය.

Political

පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරයෙන් ඉල්ලා අස්වූ උද්දික ප්‍රේමරත්න කැනඩාවට ගොස් එරට රජයෙන් දේශපාලන රැකවරණය ඉල්ලා තිබේ.

Political

“දේශය වෙනුවෙන් එක් වන පියවරක්” මැයෙන් එක්සත් ජනරජ පෙරමුණ විසින් පසුගියදා රටට ඉදිරිපත් කළ යෝජනාවලිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වීම කොළඹ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී අද (24)  හමු විය.

Political

ජනාධිපති ධුර අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වීමට ආරාධනාවක් ලැබුණ හොත් අභියෝගය භාරගන්නා බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

Political

අමාත්‍ය මණ්ඩල තීරණයක් අනුව මේ වන විට තාවකාලිකව අත්හිටුවා ඇති පරාටේ නීතිය සම්බන්ධව සංශෝධනයක් ඉදිරියේදී පාර්ලිමේන්තුවට ගෙන ඒමට බලාපොරොත්තු වන බව අධිකරණ,බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.

Political

විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශකවරයා වතු ජනතාව සහ එම දරුවන් පාඩම් කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය සම්මුඛ සාකච්ඡාවකදී කර ඇතැයි කියන ප්‍රකාශය සම්බන්ධයෙන් සොයාබලා විනය පියවර ගැනීමට උපදෙස් දී ඇතැයි, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.

Political

දුම්රිය හරස් මාර්ගවලට ආරක්ෂිත සංඥා පද්ධතියක් ස්ථාපිත කිරීමට අඩු වියදම් සහිත ක්‍රමවේදයක් මා ඉදිරිපත් කළත් තවමත් එය නිසි ලෙස ක්‍රියාත්මක කරන්නට හැකියාවක් ලැබී නැති බව  කැබිනට් ප්‍රකාශක, ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (20) පැවසීය.

ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

මහා භාණ්ඩාගාරය මේ ගැන කරුණු විමසමින් වාර්තා ඉල්ලා සිටීම නිසා තවමත් මෙය ඇනහිට තිබෙන බවත් මේ අයුරින් ආණ්ඩුකරණය බැරි නිසා කැබිනට් මණ්ඩලය දැනුවත් කර දුම්රිය හා ලංගමය ලබන සතියේදී මහා භාණ්ඩාගාරයට පවරා දෙන බවත් අමාත්‍යවරයා පැවසීය.

“මීට පෙර සවි කර ඇති සංඥා ක්‍රමවලට මගේ කිසිම බැඳීමක් හෝ වගකීමක් නැහැ. ඒ ක්‍රමවලට විශාල පිරිවැයක් දරා තිබෙන නිසා මිනිස් හා සත්ත්ව ජීවිත ඉතා අඩු පිරිවැයකින් ආරක්ෂා කර ගනිමින් දුම්රිය සංඥා ගැටලු ප්‍රශ්නය විසඳීමට මා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා. මෙරට පුද්ගලික අංශයේ තාක්ෂණ ආයතනත් රාජ්‍ය නිර්මාණ විවිධ නීතිගත සංස්ථාවක් එක්කර ගනිමින් ලක්ෂ 15කට වඩා අඩු වියදමින් මේ සංඥා ගේට්ටු ක්‍රමය ඇති කිරීමට මම මේ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළා. එය බෙල් සහ ලයිට් දෙකම සහ මුර කුටියකින් ද සමන්විත රේල් ගේට්ටු ක්‍රමයක්. එහි නියමු ව්‍යාපෘතිය ගිය පොහෝ දිනයේදී ගොඩගම සවිකර අත්හදා බැලීමක්ද කළා. මේ වන විට බොහෝ කාලයක් ගත වෙලා. අප ඊට වැය වෙන ලක්ෂ 15ක මුදලින් හත්ලක්ෂ පන්සීයක් මාර්ග අනතුරු වැළැක්වීමේ ආයතනයෙන් ලබා දෙන්නත් ඉතිරි මුදල් සමාජ සත්කාර ලෙස විවිධ පාර්ශ්වවලින් ලබා දෙන්නත් බලාපොරොත්තු වුණා. විපක්ෂ නායකතුමාත් මට ඒ සඳහා සහාය දෙන්නම් කියලා පාර්ලිමේන්තුවේදී කිව්වා. ඒ නිසා මේ සම්බන්ධයෙන් තවත් කැබිනට් පත්‍රිකාවක් දාලා කරුණු ඉදිරිපත් කළා. එහිදී මහා භාණ්ඩාගාරය විවිධ කරුණු අහලා එවනවා. මේවාට කවුද තෑගි දෙන්නේ. සල්ලි දෙන්නේ කවුද කියලා අහනවා. මේ ආණ්ඩුකරණය මේ විදිහට කරන්න බැහැ. ඒ නිසා මම ලබන සතියේදී කැබිනට් මණ්ඩලයට දැනුම් දීලා දුම්රිය හා ලංගම දෙකම මහා භාණ්ඩාගාරයට භාර දෙනවා. අප මේවාට විසඳුම් ගෙන්න කොපමණ උත්සාහ කරත් කමිටු දාලා වාර්තා අරගෙන වාර්තා ඉදිරිපත් කරලා එනවිට මිනිස්සු මැරිලා ඉවරයි. සීටීබී එකත් ඒ වගේයි. සීටීබී එකට අවුරුදු 66ක් තිස්සේ බඳවා ගැනීම් හා උසස් වීම් පටිපාටියක් නැහැ. මේකට පටිපාටියක් හදන්න උත්සාහ කළාම කමිටු දානවා. වාර්තා ඉල්ලනවා. ඉවරයක් නැහැ. ඒ නිසා ඇමැතිවරයා ලෙස මටත් මගේ සභාපතිවරුන්ටවත් මේක කරන්න අමාරුයි. ඒ නිසා දුම්රිය දුවවන එකත් බස් දුවවන එකත් භාණ්ඩාගාරයට භාර දෙන්න තීරණය කළා. භාණ්ඩාගාරය බස් කෝච්චි දුවවලා ප්‍රවාහන සේවය පවත්වාගෙන යයි.“ යැයි අමාත්‍යවරයා එහිදී පැවසුවේය.

 

Political
ශ්රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින්, අනුරාධපුර දිස්ත්රික්කයෙන් පාර්ලිමේන්තුවට පිවිසි මන්ත්රී උද්දික ප්රේමරත්න මහතා සිය පාර්ලිමේන්තු මන්ත්රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තුවේ නියෝජ්ය මහලේකම් චමින්ද කුලරත්න මහතා වෙත අද (27) භාර දී තිබේ.
Political

රාත්‍රී ආර්ථිකයක් වෙත යොමුවීම මඟින් රටේ විදේශ විනිමය 70%කින් පමණ ඉහළ නංවාගත හැකි බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පැවසුවාය.

Political

ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (FAO) ආධාර ඇතිව ජලජීවී වගාව සංවර්ධනය කිරීමට කටයුතු කරන බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පැවසීය.