Sunday, April 20, 2025
Follow Us
රනිල්ට උදව් කළොත් පොහොට්ටුව දෙකට කැඩෙයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට උදව් කිරීමෙන් ලැබුණු අපට ලැබුණු දායාදය පක්ෂය දෙකට කැඩීම බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසී ය.

එම පක්ෂ කාර්යාලයේ අද (25) පැවැති සාකච්ඡාවකින් පසුව  මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා, 

"රනිල් වික්‍රමසිංහ මහතාට අපි පූර්ණ සහයෝගය දුන්නා අපිට නොගැළපෙන දේවල් කරත් අද වෙනකම් අපි වචනයකින්වත් මොකුත් කළේ නෑ. හැබැයි ඉතින් පක්ෂයක් විදියට අපිට ලැබිච්ච දායාදය නම් පක්ෂය දෙකට කඩපු එක  අපි දේශපාල නතීන්දුවක් ගමු .අපි අවංකව රනිල් මහත්තයාට උදව් කළා.. එතුමා මෙහෙම කරන්නේ පොහොට්ටුවට නෙමෙයි.. පුරුද්දට එතුමාව ගේන කොටත් අපි ඒක දන්නවා.එ ජාපය කැඩුවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කැඩුවා. යහපාලන ආණ්ඩුව කැඩුවා. ජනතාව විමුක්ති පෙරමුණක්  කැඩුවා. . එල්ටීටීඊ සංවිධානයත් කැඩුවා ඒ තමයි එතුමාගේ පුරුද්ද."