Sunday, September 08, 2024
Follow Us
හෝමාගම මත්පැන් බලපත්‍ර ඉවත් කරන්න - ඇමැති බන්දුලගෙන් ඉල්ලීමක්

ඉවක් බවක් නැතිව මේ දිනවල අපේ ප්‍රාදේශීය ලේකම්ගේ අනුමැතියෙන් තොරව, දිස්ත්‍රික් ලේකම්ගේ අනුමැතියෙන් තොරව මහා සංඝරත්නයේ විරෝධතා මැද හෝමාගම මැතිවරණ කොට්ඨාසය තුළ මත්පැන් බලපත්‍ර නිකුත් කරගෙන යන බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

හෝමාගම නවا සිව් මහල් ප්‍රාදේශීය ලේකම් කාර්යාල ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා ඊයේ (21) මේ බව සඳහන් කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා

"ප්‍රාදේශීය ලේකම්තුමන් කලාප නිලධාරිනුත් එකතු වෙලා ඉතා විශාල පොසොන් කලාපයක් හෝමාගම කලා. පොසොන් කලාපය නිමවෙලා කූඩු තරග පවත්තපු මඟ දෙපස මිහිඳු හිමියන් ආපහු වැඩලා බලපත්‍ර දෙනවා වගේ තැබෑරුම් විශාල ප්‍රමාණයක් විවෘත කරන් යන ත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනවා. ඒක නතර වෙන්න ඕන මක් නිසාද යත් මේ රටේ අනගාරික ධර්මපාලතුමාගේ මුනුපුරෙකු වූ මේ ප්‍රදේශය නියෝජනය කළ කැබිනට් ඇමතිවරයකු වූ ගාමිණී ජයසූරිය මැතිතුමා ‍ප්‍රතිපත්තියක් වශයෙන් හෝමාගම මැතිවරණ කොට්ඨාසය තුළ තැබෑරුම් විවෘත කරන්න බලපත්‍ර දුන්නේ නැහැ. මගේ ප්‍රතිපත්තියත් එයයි ඒ නිසා කරුණාකරලා සුරාබදු කොමසාරිස්තුමාට කියනවා මේ සියලුම බලපත්‍ර ඉතා කෙටි කාලයක් තුළදී ගෞරවනීය මහා සංඝරත්නයේ ඉල්ලීම මත මගේ මැතිවරණ කොට්ඨාසය තුළින් වහාම ඉවත් කරලා දෙන්න කියලා. මක්නිසාදයත් මේ මැතිවරණ කොට්ඨාසය අපි ගොඩ නගන්නේ දැනුම් කේන්ද්‍රීය නගරයක් ලෙසයි.


මම ග්‍රාමීය සංවර්ධන ඇමතිවරයා ලෙස මගේ ඇඟිලි දෙක එකතු කරලා කිසිම මත්පැන් බලපත්‍රයකට අත්සන් කරලා නැහැ. ජනාධිපතිතුමන් අග්‍රාමාත්‍යතුමන් ආණ්ඩුවෙනුත් මම ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා හෝමාගම සංවර්ධන කමිටුවේ සභාපති ලෙස මත්ද්‍රව්‍ය බලපත්‍ර ඉවත් කරලා දෙන්න කියලා. සිහිබුද්ධිය තියෙන වැදගත් අවිහිංසක මිනිසුන් සහිත මත්ද්‍රව්‍යයෙන් තොර සාමකාමී සහජීවනය පිරුණු මැතිවරණ කොට්ඨාසයක් බවට පත්කරන්න සෑම දෙනා එකතුවෙලා වැඩ කරන්න කියන පණිවිඩය මම ලබා දෙනවා යයි වැඩිදුරටත් පැවසීය."