Friday, October 18, 2024
Follow Us
හෙද බඳවා ගැනීම් ගැසට් කිරීමට යයි

2020 සහ 2021 වර්ෂ වලට  අදාළ හෙද බඳවා ගැනීම් සිදු කිරීම සඳහා අදාළ ගැසට් පත්‍රය ඉදිරි මාස තුන ඇතුළත නිකුත් කරන බව සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා  අද (23) පාර්ලිමේන්තුවේදී පැවසීය.

 හෙද විදුහල්වලට ළමයින් ඇතුළත් කර ගැනීම ප්‍රමාද වී ඇති බවට සමඟි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රිනී රෝහිණී කවිරත්න මහත්මිය වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය. 

වසර 2019, 2020 ට අදාළ හෙද සිසුන් බඳවා ගැනීම් මේ වසර තුළ සිදු කරන බවත් එහි කටයුතු සිදු වෙමින් පවතින බවත් ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.

එම වර්ෂවලට අදාළ ලැයිස්තුව දැනටමත් ඉදිරිපත් කර ඇති බවත් එහි බඳවා ගැනීම් ද ඉදිරි මාස තුන තුළදී සිදු කරන බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය.