Tuesday, March 17, 2026
Follow Us
පාර්ලිමේන්තු මන්ත්‍රී පුරප්පාඩුවට කුහදාසන් නම් කෙරේ

දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සඳහා කදිරවේලු සන්මුගම් කුහදාසන් මහතා නම් කර තිබේ.

9 වන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු ලෙස ත්‍රිකුණාමලය මැතිවරණ කොට්ඨාසය සඳහා කුහදාසන් මහතා තෝරාපත් කරගත් බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

ඊට අදාළ ගැසට් නිවේදනය එම කොමිසම මඟින් මේ වන විට ප්‍රකාශයට පත්කර තිබේ.